dailyreporter

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 20

අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිතය.

කෝටි දෙකක හෙරෝයින් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට ආසන්න  වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සුපිරි වර්ගයේ  මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිලියන්දල ,පැලැන්වත්ත ප්‍රදේශයේදී  වන දින  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පැවසීය.                   සැකකාර අඹුසැමි යුවළ   වයස අවුරුදු 21,.හා 23 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවත් …

රාජාංගනයේ 30 දෙනෙක් නිරෝධායනයට

රාජාංගනයේ 30 දෙනෙක් නිරෝධායනයට

රාජංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ. ඒ ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට සිදුකළ පළමු පරීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වීමත් සමගය.

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

වලස්මුල්ලෙන් ගල් කටස් සහ ටී කටස් මතු වේ

නීතිවිරෝධීව ගිනි අවි නිෂ්පාදනයේ නිරත වූ සැකකරුවෙකු වලස්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.      අදාළ පුද්ගලයා සන්තකයේ තිබී ගල් කටස් වර්ගයේ සහ ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගෙන ඇත.   සැකකරු නිෂ්පාදිත ගිනි අවි අලෙවි කර ඇති බවත් ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා  ලේකම්වරුන් පත් කෙරේ

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරුන් පත් කෙරේ

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය ජේ.ජේ. රත්නසිරි මහතා –…

හැටන් ප්‍රධාන බස් නැවතුම්පල මිහි පිට අපායක් – බලධාරීන්ගේ අවධානය පිණිසයි
|

හැටන් ප්‍රධාන බස් නැවතුම්පල මිහි පිට අපායක් – බලධාරීන්ගේ අවධානය පිණිසයි

හැටන් ප්‍රධාන බස් නැවතුම් පලේ ලංගම බස් නැවතුම්පල භුමිය මිහි පිට අපායක් බවට පත් විමෙන් බස් මගින් මෙන්ම බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු එම ප්‍රදේශයේ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම බස් නැවතුම්පල භුමිය තුල විශාල ප්‍රමානයේ වලවල් හැරි ඇති අතර එහි කානු පද්දතියන් නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් එහි කසල හා පස් ගොඩ කිරිමත්…

ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි

ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (13) ජනමාධ්ය අමාත්යංශයේ දී සිය ධුරයේ රාජකාරි අරම්භ කළේය. සිය ධුරයේ වැඩ අරඹමින් ඔහු පැවසුවේ රට තුළ ස්වාධීන මාධ්‍ය හා අපක්ෂපාතී මාධ්‍ය සම්ප්‍රධායක් ගොඩනගන බවයි.

ගෝනංගොඩ  මිශ්‍ර විද්‍යාලය වැසී ගොස් අදට වසර 30ක් – බලධාරීන් නිහඩයි

ගෝනංගොඩ  මිශ්‍ර විද්‍යාලය වැසී ගොස් අදට වසර 30ක් – බලධාරීන් නිහඩයි

දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගෝනංගොඩ වසමේ පත්තම්පල්ලියේ පිහිටි ගෝනංගොඩ  මිශ්‍ර විද්‍යාලය වැසී ගොස් මේ වන විට වසර 30ක පමණ කාලයක් ගත වී තිබේ. වසර 150ක් පමණ පැරණි මෙම පාසල අතීතයේදී දරුවන් දෙසීයක් පමණ අධ්‍යාපනය ලැබූ ද්විතීයික පාසලකි. ප්‍රදේශීය පවතින දුෂ්කරතාවය නිසා දැනට වසර තිහකට පමණ ඉහතදී මෙම පාසල වැසීගොස් තිබේ. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ පත්වීම් ලබන…

කොරෝනා අවදානම තවත් ඉහලට

කොරෝනා අවදානම තවත් ඉහලට

රට සක්‍රීය වීම නිසා යම් මොහොතක සමාජය තුළ කොරෝනා රෝගියෙකු සිටියහොත් එය පැතිරී යාමේ අවදානමක් ඇති බව ‍වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. පාසල් ආරම්භ කිරීම නව අමාත්‍යාංශවල රාජකාරි පටන් ගැනීමත් සමග ජනතාව සක්‍රීය වීම නිසා සමාජය ක්‍රියාකාරී වීමෙන් මෙම අවදානම ඇති වී තිබෙන බවද ඔහු පැවසීය. මෙම තත්වය යටතේ…

පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

ද(13) දිනයේ ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරුවේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් පස්වරු 2 න් පසුව මෙලෙස වැසි ඇති විය හැක. මේ අතර, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ…