පොලීසිය පුර්ණ ප්‍රථිසංස්කරණයකට ලක්විය යුතුයි – පිලිප් දිසානායක
|

පොලීසිය පුර්ණ ප්‍රථිසංස්කරණයකට ලක්විය යුතුයි – පිලිප් දිසානායක

කෝවිඩ් -19 වෛරසයේ හේතුවෙන් මුලු ලෝකයේම ජනයා ඉතා අන්ත අසරණ තත්ත්වය පත්ව සිටී. දිනෙන් දින ව්‍යාපත්වන මෙම වෙරසයට මේ වන විට මිනිස් ජීවිත හාර ලක්ෂ විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක්  බිලිගෙන ඇති අතර, රෝගය වැලදී ඇති සංඛ්‍යාව හැත්තෑහය ලක්ෂයකට ආසන්න වී තිබේ. මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දැනට ඇති ඒකම ප්‍රථිකරමය වී ඇත්තේ සමාජ දුරස්තරභාවය පවත්වාගෙන යමින්…

death

ළිඳකට වැටී වයස අවුරුදු 11 ක දරුවෙක් මරුට

පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 11 ක පිරිමි දරුවෙක් මිය ගොස් තිබේ. මිය ගිය දරුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් මව සහ ඥාතීන් විසින් සෙවීමේදී නිවස අසල පිහිටි ළිඳක තිබී දරුවාගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. මෘත ශරීරය මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය…

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

මේ වන විට දිස්ත්‍රික් කිහිපයක අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි. මේ අතර ඡන්ද දායකයන් විශාල පිරිසක් සිටින කොළඹ, කලුතර, ගම්පහ, වැනි දිස්ත්‍රික්වලට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙතෙක් ආරම්භ කර නොමැති බවද රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සුනිල් ඝාතනයෙන් කළඑළි බසින ලීසිං මාෆියාව

සුනිල් ඝාතනයෙන් කළඑළි බසින ලීසිං මාෆියාව

තම සංගමයේ සාමාජිකයෙකුට අයත් ත්‍රිරෝද රථයක් කල්බදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී එම සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සිදුකළ පහරදීමකින් ඔහු ඝාතනයට ලක්ව තිබුණි. සිය සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රී රෝද රථයක් ඇඳිරි නීතිය පැවති පසුගිය මාස තුනක කාලයට අදාළව කල්බදු වාරික නොගෙවීම නිසා මෙම ලීසිං සමාගම පැහැරගෙන ගිය බවට සුනිල් ජයවර්ධන මහතාට පැමිණිල්ලක් ලැබී තිබුණි. සාකච්ඡා…

මරණ දණ්ඩනය නියම වුවන් දූපතකට

මරණ දණ්ඩනය නියම වුවන් දූපතකට

බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. දැනට මඩකලපුවේ ළාඳුරු රෝගීන් සඳහා වෙන්කර තිබු මෙම දූපතේ දැනට සිටින්නේ රෝගීන් දෙදෙනෙකු බවයි. මේ වන විට ඔවුන් ද සුවය ලබමින් සිටින බවද…

කල්බදු ආයතනයක සේවකයින් සුනිල්ව ඝාතනය කරයි

කල්බදු ආයතනයක සේවකයින් සුනිල්ව ඝාතනය කරයි

කල්බදු ආයතනයක් ඉදිරිපිටදී ඇතිවූ ගැටුමකදී ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ආදාළ ආයතනය සමග සාකච්ඡා කළ අවස්ථාවේ මෙම ගැටුම ඇති වී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම ගැටුම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය…

ගෝලීය සාම දර්ශකයේ 2020 දී ශ්‍රී ලංකාව පහළට
|

ගෝලීය සාම දර්ශකයේ 2020 දී ශ්‍රී ලංකාව පහළට

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ  72 වැනි ස්ථානය හිමිව තිබුණත් එම දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානයයි. ඒ අනුව මෙවර 2020 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන පහකින් පහළට ගොස් තිබේ. ලොව සාමකාමීම රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි. නවසීලන්තය, පෘතුගාලය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, කැනඩාව, සිංගප්පූරුව, චෙක් ජනරජය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන…

දුෂ්කරතාවයන්ට පත් ජනතාව මෙවර කිසිදු අයකුට ඡන්දය නොදෙන්න තීරණයක්

දුෂ්කරතාවයන්ට පත් ජනතාව මෙවර කිසිදු අයකුට ඡන්දය නොදෙන්න තීරණයක්

දික්ඔය ග්ලැන්කන් රෝහල් ප්‍රදේශයේ සිට නිව්ටන් දක්වා ඇති අතුරු මාර්ගය වසර ගනනාවක් පුරා දැඩි ලෙස අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගය ඔස්සේ නිව්ටන්, පුලියාවත්ත, සාංචිමලේ,ෆෝඩයිස්, වැනි ප්‍රදේශවලට ඉතා පහසුවෙන් ගමන් කිරිමට ඇති කෙටි මාර්ගය වන අතර මෙම මාර්ගය වසර ගනනාවක් පුරා මෙසේ දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත්…

electionns

මහ මැතිවරණය අගෝස්තු 05 වෙනිදා

ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ අද රැස්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් විසින් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඒකමතිකව තීරණය කොට ඊට අදාල ගැසට් නිවේදනය අත්සන් කොට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවීමට පියවර…

death

බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙක් සියදිවි හානිකර ගනී

මහනුවර බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම පුද්ගලයා ඊයේ (09) අලුයම ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගෙන ඇත. මියගිය පුද්ගලයා මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇති බව පොලීසිය පවසයි.