කෝවිඩ් -19 වෛරසයේ හේතුවෙන් මුලු ලෝකයේම ජනයා ඉතා අන්ත අසරණ තත්ත්වය පත්ව සිටී. දිනෙන් දින ව්‍යාපත්වන මෙම වෙරසයට මේ වන විට මිනිස් ජීවිත හාර ලක්ෂ විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක්  බිලිගෙන ඇති අතර, රෝගය වැලදී ඇති සංඛ්‍යාව හැත්තෑහය ලක්ෂයකට ආසන්න වී තිබේ.

මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දැනට ඇති ඒකම ප්‍රථිකරමය වී ඇත්තේ සමාජ දුරස්තරභාවය පවත්වාගෙන යමින් පුලුවන් තරමින් හුදකලා ජීවිතයක් ගත කිරීමයි. දැනට මාස 4කට වැඩි කාලයක් මෙසේ  හුදකලා දිවියක් ගත කරනු ලැබූ මිනිසුන්ට ඒම කාලය තුළ වීවිධාකර වූ පීඩාවන්ට මුහුණ දීමට ද සිදු විය.

බොහෝ රටවල් මෙම කාලය තුළ තම රටවල සම්පුර්ණ ක්‍රියාකාරීත්වය වසා දැමූ අතර, කිසියම් වූ අවශ්‍යතාවයක් සදහා සිදු කරනු ලබන සංචරනයන් සම්පුර්ණයෙන් තහනම් කරනු ලැබීය. ලංකාව තුළ ද මෙම නීතිය කැඩු හතලිස්දාහකට වැඩි පිරිසක් අල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයන් වෙත යොමු කර ඇති බව වාර්තා විය.

මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා සෞඛ්‍ය අංශ මෙන්ම පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විශාල කැපවීමකින් කටයුතු කළාය. ඒ් වෙනුවෙන් ඔවුන්ට විශාල ප්‍රසංශාවක් ද ජනතාවගෙන් හිමි විය. නමුත් ඒ් ප්‍රසංශාව පැතියේ ඉතා කෙටි කාලයකට පමණි. විශේෂයෙන් පොලීසිය මෙහි දී තම සුපුරැදු ක්‍රියාමාර්ග වෙත නැවතත් යොමු විය. පසුගිය දින කිහිපය තුළ දී පොලීසිය තම පමණ ඉක්මවා නීතිය අතට ගෙන කටයුතු කරනු ලබන  අවස්ථා කිහිපයක් ම අප දුටුවෙමු.

මින් ආසන්නතම සිදුවීම් ලෙස පසුගිය දා පෙරටුගාමී පක්ෂය විසින් පැවැත් වූ ඉතා සාමකාමී උද්ඝෝෂණය මැඩ පැවැත්වීම සදහා ගනු ලැබූ ක්‍රියාමාර්ග සදහන් කළ හැක. මෙම උද්ඝෝෂණය පැවැත්වූයේ ද ඇමරිකානු පොලීසිය, ඇමරිකාණු කළු ජාතිකයෙකු ඉතා බිහිසුණු ලෙස බෙල්ල පාගා මරා දැමීමට ඒරෙහිවය. ඇමරිකාවේ තුළ සිදු වූ මෙම අපරාධය සම්බන්ධව මුලු ලෝකයම තැති ගැන්වීමකට ලක් වූ අතර, පොලිස් මර්ධනයන්ට ඒරෙහිව, මානව හිමිකම් ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා ලොව පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයන් නිර්මාණය විය.

ඇමරිකාණු පොලීසියේ නීති විරෝධී ක්‍රියාවන්ට විරැද්ධව උද්ඝෝෂණය කළ ලාංකික විරෝධතා කරැවන්‌ට දැන් කතා කරන්න සිදු වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පොලීසියේ නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධවය. කුණු ලොරියට කුණු විසිකරනවා සේ මිනිසුන්, විශේෂයෙන් කාන්තාවන් ලොරිවලට විසි කරමින් පොලීසිය හැසුරැණු ආකාරය නින්දා සහගතය. පෙරටුගාමී පක්ෂයේ නායකයෙකු සජීවීව මාධ්‍ය අමතමින් සිටින අවස්ථාවේ දී ඔහුගේ බෙල්ලෙන් අල්ලා කුදලාගෙන ගොස් වාහනයක් තුළට බලහත්කාරයෙන් තල්ලු කිරීම  ඉතා පිළිකුල් සහගතය. පැමිණ සිටි පොලිස් නිලධාරීන්ගේ මවට සමාන වයස්ගත කාන්තාවන්ට පවා පොලීසිය විසින් කටයුතු කරනු ලැබුවේ නම ගිය අපරාධකාරියක් අල්ලාගත් ආකාරයටය.

මේ අතර, අකුරැස්ස හා මතුගම ප්‍රදේශයේ දී පොලීසිය විසින් දරැවන් දෙදෙනෙකුට ඒරෙහිව සිදු කළ කෲර ක්‍රියාවක් සම්බන්ධව කරැණු මාධ්‍ය වාර්තා කර තිබුනි. මතුගම දර්ගා නගරය ආසන්නයේ පිහිටි පොලිස් මාර්ග බාදකයක් අසල දී යම්කිසි මානසික රෝගයකින් පෙලෙන දරැවෙකුට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් හිරිහැර කරන දර්ශණ, සමාජ මාධ්‍ය හරහා විකාශණය විය. ඒමෙන්ම, වයස අවුරැදු 14 දරැවෙකු, ඔහු සමග නිවසේ සිටි වයස අවුරැදු ඒකහාමාරක දරැවා ගෙදර තනිකර දමා තම පියා වෙනුවට මෙම දරැවා පොලීසිය විසින් රැගෙන ගොස් ඇති බවත් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා විය.

මේ ඉතා මෑතක දී වූ සිදුවීම්ය. ශ්‍රී ලංකා පොලීසියේ සමහර නිළාධාරීන් විසින් සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව අප දශක දෙකකට ආසන්න කාලයක සිට කතා කර තිබේ. සුළභ වශයෙන් සිදු කරනු ලබන වදහිංසාවන් මෙන්ම, නීති විරෝධී ඝාතණ හා බොරැ නඩු පැවරීම් පිළිබදව විශාල ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ පොලීසියට හිමිය. පොලිස් සේවය ඇති විය යුතු වෙනසකම් පිළිබදව අවස්ථා කිහිපයක දීම  ප්‍රථිසංස්කරණ යෝජනා රාශියක් ඉදිරිපත් වී ඇතත්, කිසිදු රජයක් ඒම යෝජනා සැබවින්ම ක්‍රියාත්මක කර උසස් පොලිස් සේවයක් ලංකාවේ ස්ථාපිත කිරීමට උත්සාහ නොකළේය.

මෙම තත්ත්වයන් යම් කිසි දුරකට පාලනය කිරීම සදහා ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් ස්ථාපිත කරනු ලැබුවත්, ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට මෙතෙක් නොහැකි විය. පසුගිය ආණ්ඩුව සමයේ පොලීසිය වෙත චර්යාධර්ම පද්දතියක් හදුන්වා දෙනු ලැබුව ද ඒවා ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණයක් හදුන්වා දෙනු නොලැබීය.

කිසියම් රටක, පොලීසිය ස්වාධීනව, අපක්ෂපාතීව හා කාර්යක්ෂමව තම රාජකාරීය ඉටු කරනු ලබන්නේ නම්, ඒ් රට තුළ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නීතියේ අධිපත්‍ය තහවුරැවීම වැලැක්විය නොහැක. රටක් සංවර්ධනය වූ රටක් බවට පරිවර්තනය වීමට  නම් මේ කරැණු අනිවාර්යෙන් සම්පුර්ණ කළ යුතුව තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන විමර්ෂණයන් හරහා පෙනී යන්නේ ද අප පොලිස් සේවාවේ තිබු කඩා වැටීම් හා දුර්වලකම් පිළිබදවයි. ඒම නිසා සමාජයේ විනය හදන ගමන් ම පොලීසියේ විනය හැදීමට ද පියවර ගත යුතුය. ඒ් සදහා අපට පුර්ණ පොලිස් ප්‍රථිසංස්කරණයක් අවශ්‍යව තිබේ.

පිලිප් දිසානයක  (ඡායා අන්තර්ජාලය)

Similar Posts