රාජ්‍ය ණය – ජපානය සහ ග්‍රීසිය අතර ඇති වෙනස සහ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන  අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම ප්‍රතිශතය 266% කි. තුන්වෙනුව සිටින්නේ සුඩානය වන අතර හතරවෙනුව  සිටින්නේ ග්‍රීසිය යි. එරටට  අදාල ප්‍රතිශතය 206% කි. ශ්‍රී ලංකාව 23 වන ස්ථානයේ සිටියි. අදාල ප්‍රතිශතය 101% කි. ජපානය ශ්‍රී ලංකාවටත්  සංවර්ධන ණය දෙන දියුණු රාජ්‍යයකි. ග්‍රීසියද සංවර්ධනය වූ රටකි. එහි එක පුද්ගල අදායම (රටේ සමස්ත නිෂ්පාදනය රටේ ජනගහනයෙන් බෙදු විට ලැබෙන අගය) ලෝක බැංකු වාර්තා…

Read More

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාවේ තිබෙන්නේ අවාසි සහගත වෙළෙඳ ශේෂයකි.  මෙය තරමක් දුරට සමනය වන්නේ විශේෂයෙන්ම පිටරට වෙසෙන ශ්‍රමිකයන් එවන මුදල් සහ සංචාරක ආදායම වැනි වෙනත් ලැබීම් වලිනි. මේසියල්ල එකතු කලවිට…

Read More

අයවැය හිඟය සහ රාජ්‍ය ණය

debt

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල් වලින් හෝ අඩුවෙන් ලැබූ ආදායම නිසා ආර්ථිකයේ වර්ධනයක් නොවීමයි. අඩුවෙන් ආදායම ලැබෙන්නේ බදු අඩු කිරීම නිසාය. ව්‍යාපාරිකයන්ට බදු අඩු කිරීම මගින් ඔවුන්ගේ නිෂ්පාදනය ඉහළ ගොස් ආර්ථිකය වර්ධනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. වැඩිපුර ප්‍රාග්ධන වියදම් කිරීම මගින් ආර්ථිකය ප්‍රසාරණය වේ. එබැවින් අඩුවෙන් ආදායම් ලැබීම නිසාද වැඩියෙන් වියදම් කිරීම නිසාද යම් හෙයකින් ආර්ථිකයේ ප්‍රමාණාත්මක වර්ධනයක් වූවා…

Read More

ශ්‍රී ලංකාවේ හිඟ අයවැය ප්‍රතිපත්තිය

ලංකාවේද වෙනත් බොහෝ රටවලද හිඟ අයවැය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනු ලැබේ. එනම් රාජ්‍යයට ලැබෙන ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීමේ ප්‍රතිපත්තියයි. අයවැය හිඟය බොහෝවිට අදාල රටේ මුල්‍ය ඒකක වලින්ද එරට දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසද  දක්වනු ලැබේ. රාජ්‍යයේ ආදායමට වඩා වියදම් කිරීමේ අවශ්‍යතා පැන නගී. උදාහරණයක් වශයෙන් රජයට රටේ මාර්ග පද්ධති  සහ විදුලිබල  වැනි යටිතල පහසුකම් නගා සිටුවීමට අවශ්‍ය නම් සහ ඒසඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයේ ආදායමෙන් සපුරා ගත නොහැකි නම් ඒසඳහා ණයක් ගෙන ලැබෙන ආදායමට වඩා වැඩියෙන් වියදම් කළ යුතුය. මක්නිසාදයත් රටේ යටිතල පහසුකම් දියුණු කිරීම රජයේ වගකීමක් වන නිසා සහ එම…

Read More

ආර්ථිකය පිලිබඳ ආකෘති

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම් සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද  වේ.සෝවියට් දේශය බිඳ වැටීමත් සමග එය අනුගමනය කළ ආර්ථික  ආකෘතියද බිඳ වැටුණු අතර බොහෝ රටවලමිශ්‍ර ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වේ. සම්භාව්‍ය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට යම් රාජ්‍ය මැදහත් වීම් පසුව හඳුන්වා දෙන ලදී. මෙයින් ප්‍රධාන වුයේ වර්ෂ 1930 ඇතිවූ ලෝක ආර්ථික අවපාතයට පිලියමක් ලෙසින් බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ වියදම් වැඩිකිරීම සහ ආණ්ඩුව විසින් අයකරන…

Read More

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක් නොමැති අවස්ථා වලදී පවා  පාරිභෝගිකයා හෙවත් තමන්ගේ භාණ්ඩ හෝ සේවා හෝ ලබාගන්නා තැනැත්තාට ප්‍රමිතියෙන් ඉහළ දෙයක් දීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම අනුවද අත්‍යවශ්‍ය දෙයකි. සමහර ව්‍යාපාරිකයන් තරඟ කරන්නේ පාරිභෝගිකයා සමඟය. පාරිභෝගිකයා ගෙන් වැඩිම ලාභයක් ලබන්නේ කෙසේදැයි ඔවුහු කල්පනා කරති. මෙය ඉතාම කෙටි කාලීන ක්‍රියාවකි. ලෝකය පවතින්නේ දීම සහ ගැනීම මතය. රාජ්‍ය සේවකයා සිය සේවය ජනතාවට දී වැටුප් රජයෙන් ලබා ගනී. …

Read More

රටක ආර්ථිකය නැංවීමට බලපාන සමාජ චින්තනය

samaja

මේ දිනවල රටේ ආර්ථිකය ගැන බොහෝ දෙනෙක් කථා කරති. ආර්ථිකය ගැන කථා කිරීමට පෙර රටක ආර්ථිකය සැබෑවටම නංවන පිරිස කවුදැයි හඳුනා ගත යුතුය. රජයේ සේවකයාද ගණකාධිකාරී වරයාද නිතීඥයාද ඔවුන්ගේ සේවා සැපයීම මගින් රටේ ආර්ථිකයට යම් පමණකින් දායක වෙති. එනමුත් රටේ ආර්ථිකය නැංවීමෙහි ලා දායක වන ප්‍රමුඛ කණ්ඩායම එරට ව්‍යවසායකයෝ වෙති. රටේ දැන් පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගතහොත් නිෂ්පාදනයේ සහ අපනයනයේ යෙදෙන ව්‍යාපාරිකයෝ එයිනුත් ප්‍රමුඛතම  වෙති. ඔවුන් ගැනත් කථා කිරීමට පෙර මෙරට තිබෙන සංස්කෘතික වටිනාකම් ගැන  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. අපේ රටේ සංවෘත ආර්ථිකය පැවති 1977ට පෙර යුගයේ මෙරට ව්‍යවසායකයන්ට පුළුල් සමාජය…

Read More