කතුවැකිය

  • ජන මාධ්‍ය හා ජඩ මාධ්‍ය

    කිසියම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මවතේ ගෙන යාම සදහා එරට ක්‍රියාත්මක ජනමාධ්‍ය කරනුයේ  එහි විශාල කාර්‍යභාරයකි. නිදහස් හා අපක්ෂපාතී ජනමාධ්‍යයක් යමකිසි රටක පැවතීම එය ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍ය ආරක්ෂාවට ඉතා අගනේය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් ලෙස සැලෙකෙන ජනමධ්‍ය අල්ලස, දූෂණයට, අපරාධයන්ට එරෙහිව නිර්භීතව තම රජකාරිය ඉටු කළ යුතුවා මෙන්ම, ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයින් මෙන්ම දේශපලනඥයින් අතින් සිදුවන දූෂණ අක්‍රමිකතාවයන්…

  • කෝවිඩ් – මෙතනින් කොයිබටද?

    කිසියම් රජයක ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන්නේ ඒම රජයේ  පළමු මාස 6 හෝ පළමු අවුරුද්දයි. වර්තමාන ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මේ රටේ 69 ලක්ෂයකට වැඩි ඡන්ද දායකයින් පිරිසක් විසින් බලයට පත්කර ලබන නොවැම්බර් මාසයට වසරක් සම්පුර්ණ වේ. මෙම කාලය තුළ ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශණයේ සදහන් බොහෝ කරුනු මෙතෙක්…

  • කෝවිඩ් මර්ධනයට සම්මාන ලබාගැනීමෙන් ඉක්බිතිව

    කෝවිඩ් 19 සාර්ථක ලෙස පාලනය කරගත් රටවල් අතරට පැමිණ සිටි ශ්‍රී ලංකාවට ප්‍රසංශා, සුභ පැතුම් වගේම ඒ පිළිබදව අත්දැකීම් හුවමාරුවෙමින් පැවති අවස්ථාවක ඒක රැයකින් ඒම තත්ත්වය උඩු යටිකුරු වුයේ පසුගියදා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනා වෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟමය. ඒක දිගට මාස දෙකකට වැඩි කාලයක් සමාජය තුළින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා…

  • විස්සෙන් නිර්මාණය වූ ආණ්ඩුවේ අර්බුදය.?

    වර්තමාන රජය පසුගිය මහමැතිවරණයේ දී ඉල්ලා සිටියේ ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන ලෙසයි. පසුගිය යහපාලන රජය විසින් ගෙන ඒනු ලැබු 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට ස්ථාවර රජයක් පිහිටුවීමට සදහා ඔවුන්ට ඒසේ බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබීය. ඒ අනුව ඔවුන්‌ගේ ඉල්ලීමට කන් දුන් මේ රටේ හැට නම ලක්ෂයකට වැඩි ජනතාවක් පාර්ලිමේන්තු ආසන 145…

  • |

    ගෝඨාභය ජේ.ආර් පසුකරයි ද?

    පසුගිය මහමැතිවරණයේ දී පොදුජන පෙරමුණ ඵෛතිහාසික ජයක් වාර්තා කළේය. ඒය ඵෛතිහාසික ජයග්‍රහණයක් වන්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒක් පක්ෂයක් තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීධුර  සංඛ්‍යාවක් මෙම මැතිවරණයේ දී ලබා ගැනීමට සමත්වීම හරහාය. 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර් ජයවර්ධන මහතා කිසියම් පක්ෂයක් මේ ආකාරයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇති ඉඩ කඩ මෙම ව්‍යවස්ථාවෙන්ම අවහිර කර තිබුනේ මෙම ව්‍යවස්ථාවේ ආරක්ෂාව…

  • |

    අයියාගේ බලය මල්ලීට දෙයි ද?

    මැතිවරණය අවසන් විය. වත්මන් ජනාධිපතිවරයා ඇතුලු පොදු ජන පෙරමුණ ඉල්ලු තුනෙන් දෙකේ බලය ඔහුට ලබා ගැනීමට හැකි වු අතර, අවශ්‍ය නම් දැන් ඔවුන්ට අනෙකුත් මුස්ලිම් හා දමිල පක්ෂයන්ගේ සහායෙන් හයෙන් පහක බලයක් වුවද මෙම පාර්ලිමේන්තුව තුළ ගොඩනැගීමට හැකියාව ඇත. මෙම ජයග්‍රහණය සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ අනෙකුත් පක්ෂයන්ගේ සහායක් නොගෙන විශේෂයෙන් සුලු ජාතික පක්ෂයන්ගේ සහායක් නොලබා…

  • උප්පැන්න සහතිකයට පැන නැගී විරෝධය

    රෙජිස්ට්‍ර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයෙන් ශීර්ෂ කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබුනි. ඒම ‌වෙනස්කම් අතරට, උප්පැන්නය සහතිකය වෙනුවට – ජාතික උප්පැන්න සහතිකය ලෙස නව උප්පැන්නය නම් කිරීමත්,  සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඒය නිකුත් කිරීමත්, උපතේ දී සෑම පුද්ගලයෙකුටම අනන්‍යතා…

  • සත්‍ය වසන්කර කෝවිඩ් පරාජය කිරීම

    ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සැබෑ තොරතුරු වසං කරමින් සිටිනට බවට අද බොහෝ තැන්වලින් චෝදනා නැගේ. ඒ බව විපක්ෂයේ දේශපාලන වේදිකාවෙන් පමණක් නොවන, වීවිධ වෘත්තිකයින්ගේ සංගම් විසින් ද ප්‍රකාශ කරනු ලබයි. මේ සම්බන්ධව පසුගියදා බරපතලම චෝදනාව නැගුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. ඒ් පසුගියදා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළමු දින වාර්තා වූ කෝවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය සම්බන්ධව…

  • කොරොනා පාලනයෙන් ගිලිහිලා ද ?

    ප්‍රථම වතාවට ඊයේ (10) කෝවිඩ් 19 ආසදිත රෝගීන් 300 දෙනෙකු වාර්තා විය. මෙහි තත්ත්වය බරපතල  වන්නේ නිරෝධයන මධ්‍යස්ථානය තුළ දී මෙම වෛරසය අන් අයට පැතීරී ඇති බවට දැන ගන්න ලැබීම නිසාය. රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ඒම මධ්‍යස්ථානය තුලදී මීට පෙර දින දෙසීයකට වැඩි ප්‍රමාණයකට රෝගය වැලදී ඇති බවට…

  • ඉහල පැලැන්තිය මැදිහත්ව වදහිංසනය වලක්වනු ඇතැයි සිතීම මෝඩකමක්  

    පසුගිය ජුනි මස 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රධානය කරනු ලැබීය. ඒ දොන් සමන්ත පෙරේරාට ඒදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඒරෙහිව පැවති වදහිංසා නඩුවක් (SC FR APPLICATION 296/2014) සම්බන්ධයෙනි. මෙම නඩුවේ පැමිණිල්ල වුයේ  හිටපු හමුදා සෙබලෙකු වූ දොන් සමන්ත පෙරේරාය. ඔහු හෙට්ටිපොල පොලීසියේ දී  උඩ ඒල්ලා අමානුෂික ලෙස පහරදීම,…