school

පාසලක් මුර කන්න මුරකරුවෝ 06ක් සිටින පුදුම පාසලක් මෙන්න

ඉමදුව ජාතික පාසලේ පාසල මුරකරන්නට ආරක්ෂාවට මුරකරුවන් 06ක් සිටින්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව ඉමදුව සම්බන්ධිකරණ රැස්විමේ දී  අවධාරණය කෙරිණි. ඉමදුව ජාතික පාසලේ මුරකරුවන් හය දෙනෙක් සිටින්නේ ඇයි. මේ අය සිදු කරන්නේ කුමක්ද? මේ අයගේ රාජකාරි ස්වභාවය කුමක්ද? මෙවැනි ආරක්ෂක නිලධාරින් හය දෙනෙක් රජයේ මුදලින් නඩත්තු කරන්නේ කෙසේ ද?පාසලේ ආරක්ෂාවට මුරකරුවන් හය දෙනෙක්ම සිටින්නේ කෙසේද?පාසලක් වැනි…

ආණ්ඩුවේ මුදලින් එක ගෙදරට යන්නට රුපියල් ලක්ෂ 15ක පාරක්

ආණ්ඩුවේ මුදලින් එක ගෙදරට යන්නට රුපියල් ලක්ෂ 15ක පාරක්

ඉමදුව කෝඹල ගම්මානයේ එක් නිවසකට ගමන් කිරීම සඳහා රුපියල් ලක්ෂ පහලොවක් පමණ වැය කර රජයේ ප්‍රතිපාදන යටතේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් මාර්ගයක් සකස් කර තිබේ. මේ සම්බන්ධයෙන් අනුමැතිය ලබාදුන්නේ කව්ද? මෙවැනි දේ කිරිම තුලින් ජනතාවගේ මුදල් අපතේ යන බවත් මින් ඉදිරියේ දී මෙවැනි සංවර්ධන කටයුතු කිරීමේ දි ප්‍රදේශයේ මහජන නියෝජිතයන් දැනුවත් කර එකි…

හබරාදුව පොලිසියේ අඩුපාඩුවලින් අඩුවක් නෑ

හබරාදුව පොලිසියේ අඩුපාඩුවලින් අඩුවක් නෑ

හබරාදුව පොලිසියේ අඩුපාඩුවලින් අඩුවක් නෑ.වැස්සට තෙමෙන අව්වට රත්වෙන කඩා වැටෙන්ට ආසන්න කිසිදු පහසුකම් නොමැතිව හබරාදුව පොලිස්යේ පොලිස් නිලධාරින්ට සේවය කරන්නට සිදුව ඇත. හබරාදුව පොලිසියට ඉඩපහසුකම් නැ.බැරැක්කයක් වත් නෑ.පොදු පහසුකම් ඇත්තේම නෑ.ගොඩනැගිලි ද ප්‍රමාණවත් නෑ. ඇත්තටම පොදු පහසුකම්වත් ප්‍රමානවත් නෑ. මේ නිසා හබරාදුව පොලිසියේ පොලිස් නිලධාරින්ට කිසිදු පහසුකමක් නොමැතිව තම රාජකාරි කටයුතු සිදුකරන බව හබරාදුව පොලිස්…

ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයකට සොරු පනියි

ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයකට සොරු පනියි

මීගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයක් තුළට රාත්‍රී කාලයේ ඇතුළුවු  පුද්ගලයින් දෙදෙනෙක් එම ආයතනය තුළ තිබූ පෞද්ගලික සේප්පුවක් කඩා සොරකම් කර තිබූ රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ 27 කට වඩා අධික මුදල්ද සමග  අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්වූ බව පොලීසිය පැවසීය. මෙම පුද්ගලයින් දෙදෙනා හොරණ ගෝනපොළ ප්‍රදේශයේ  හා හෝමාගම ප්‍රදේශයේ…

ගොවීන් පිරිසකට ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වෙයි

ගොවීන් පිරිසකට ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වෙයි

සීමා සහිත කවුඩුල්ල සමුපකාර සමිතියේ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම යටතේ ඉකුත් 2018 කන්නයේ සහ ඉන් පෙර ගොවීන්වෙත ලබා දුන් වගා ණය ගෙවා ගැනීමට නොහැකි වූ ගොවීන් ට නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් පිට පිටම කන්න කිහිපයක් විවිධ ව්‍යසනවලට ගොදුරු වීම නිසා මෙසේ ණය ගෙවා ගැනීමට නොහැකි වූ බවත් දන්වමින් කවුඩුලුවැව ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් ජනාධිපති…

මහකනදරාව ගොවියන් බියගැන්වීම අගමැතිට සැලකරයි

මහකනදරාව ගොවියන් බියගැන්වීම අගමැතිට සැලකරයි

අධිකරණය හමුවේ නඩු පවරණ බව පවසමින් වාරිමාර්ග දෙපාර් තුමේන්තුව මහකනදරාව ව්‍යාපාර යටතේ වී ගොවිතැනේ යෙදෙන ගොවියන් බියගැන්වීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් විසින් ඊයේ (21දා) ජනාධිපති අගමැති හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන්ට ගොවිදුක හා නිලධාරින්ගේ ක්‍රියා කළාපය සැලකර සිටියහ. කුඹුරු ගොවිතැන් කොකරන ලෙසත් එසේ කුඹුරු ගොවිතැනේ යෙදුන හොත් අධිකරණයට…

niwadu-nikethanaya
|

කස්සප හිමි ප්‍රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි නිවාඩු නිකේතනයක බීමතින් යකානටයි

රාජකාරි කටයුත්තකට පැමිණි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ බුද්ධශාෂන හා ආගමික කටයුතු පිළිබද ලේකම් පූජ්‍ය අග්ගාරේ කස්සප හිමිපානන් ප්‍රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි සුඛෝපභෝගි නිවාඩු නිකේතනයක බීමතින් යකානටා දේපළවලට අලාභහානි සිදුකළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ලාබාල මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු මිහින්තලය පොලිස්වසමේ කුරුන්දන්කුළම පිහිටි නිවාඩු නිකේතනයේ…

ත්‍රෛභාෂා පාසල අපචාර හා දුරාචාර සිදුවන තිත්පොලක්

ත්‍රෛභාෂා පාසල අපචාර හා දුරාචාර සිදුවන තිත්පොලක්

පසුගිය රජය සමයේ පොලොන්නරුව කදුරුවෙල සත්ත්ව ගොවිපලෙන් වෙන් කළ භූමියක ඉදි කෙරෙමින් තිබූ ත්‍රෛභාෂා පාසල මේ වන විට කැලෑවක් බවට පත් වෙමින් විවිධ අපචාර හා දුරාචාර සිදුවන තිත්පොලක් බවට පත් වෙමින් පවතින බව නාගරිකයෝ පවසති. ඉකුත් රජය සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ඇරඹි මෙම ත්‍රෛභාෂා පාසල ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු අනුග්‍රහය…

cow

ප්‍රදේශ කිහිපයක හඳුනා නොගත් රෝගයක් නිසා සිය ගණනක් මරුට

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් මනම්පිටිය විල්ලුව,සොරුවිල විල්ලුව,හඳපාන්විල්ලුව හා බණ්ඩියා විල්ලුව  යන ප්‍රදේශවල සතියක් ඇතුළත හඳුනා නොගත් රෝගයක් නිසා සිය ගණනක් ගවයින් මිය යන්නට පටන් ගෙන ඇතැයි ගවපට්ටි හිමියෝ පවසති. ඔවුන් පවසන්නේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී ,ආහාර ගැනීමට නොහැකිව දින දෙකක් ඇතුළත් බඩ ඉදිමී මිය යන බවයි.මුලින් ම මනම්පිටිය විල්ලුව ආශ්‍රිතව ඇති ගවපට්ටිවල ගවයින්…

පෞද්ගලික ආයතයක ඉදිකිරිම් නිසා පදිකයන් අනතුරට

පෞද්ගලික ආයතයක ඉදිකිරිම් නිසා පදිකයන් අනතුරට

අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි පෞද්ගලික ආයතයක ඉදිකිරිම් කටයුතු සදහා පදිකයන් ගමන් කළ පදික වේදිකාවේ කොටසක් කඩා විනාශ කර තිබෙනා අතර එම ස්ථානයේදි  ගමන්කළ කිහිප දෙනෙකු අනතුරට ලක්වි තිබේ. අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි පෞද්ගලික ආයතනයක ඉදිකිරිම් කටයුතු සිදුවෙමින් පවතින අතර ඔහුට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සහිත ලොරි රථ රැගෙන ඒමට නොහැකිවීම නිසා කොන්ත්‍රාත්කරු විසින් ඉන්ටර්ලොක් ගල් අතුරා…