ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
|

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද…

දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්
|

දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. කැබිනට්…

රතුපස්වල තීන්දුව කල් යයි
|

රතුපස්වල තීන්දුව කල් යයි

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි. ඒ් ගම්පහ මහාධිකරණයේ දී අද (30) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට…

අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා දීමට තිබූ හාල් අස්ථාන ගතවෙයි
|

අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා දීමට තිබූ හාල් අස්ථාන ගතවෙයි

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභීක්ම් පවුල් සඳහා බෙදා දීමට ග්‍රාම නිළධාරී නිළසෙවන තුල තැන්පත් කර තිබූ හාල් කිලෝ 200 ක් සොරා ගෙන ඇති බවට කන්තලේ පොලීසියෙන් වාර්තාවී ඇත. ග්‍රාම නිළධාරි නිළසෙවනේ මෙම හාල් මිටි 24 වෙනිදා තැන්පත් කිරීමෙන් දින තුනකට පසු 27 වෙනිදා විවෘත කරණ අවස්ථාවේදී තැන්පත්කර තිබූ හාල් මිටි 10ක් අස්ථාන ගත්වී ඇති බවට…

මැයි දිනයට බාර් වැහෙන්නේ මෙහෙමයි
|

මැයි දිනයට බාර් වැහෙන්නේ මෙහෙමයි

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (01) දිනයේ දී මත්පැන් අලෙවිසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, අනුව හෙට දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අලෙවි ස්ථාන වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත…

මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
|

මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ අනුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසයි. නැතිනම් පහත වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදි දැයි පරීක්ෂා කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කරයි https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationDraft.aspx

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම්
|

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි. සංචාරක රාජ්‍ය අමාත්‍ය…

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
| |

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව ලබන මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ…

සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹෙයි
|

සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹෙයි

මෙවර පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සාමාන්‍ය පෙළ විභායය මැයි 7 වැනිදා පටන් ගෙන 20 වැනිදායින් අවසන් වන අතර…

LPL ක්‍රීඩක වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 400ක්
| |

LPL ක්‍රීඩක වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 400ක්

එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා 400කට අධික විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වෙයි. ඒ, අනුව ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අදියර සඳුදා දිනයේ අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත් වෙන්දිසිය සඳහා ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ආසන්න වශයෙන් 150ක් දක්වා අඩු කිරීමට නියමිත බව සඳහන්. බාබර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, ජේම්ස් නීෂම්, ටිම් සවුති,…