රටේ ජනගහණයෙන් මිලියන 6.3 ක් කුසන්නේ
ශ්රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්රමාණයක් උග්ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. තවමත් ශ්රී ලංකාවේ පවුල් 10 න් 8ක් ශ්රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. මෙම තත්වය කාන්තාවන් ප්රධානත්වය ගන්නා පවුල්වල…









