ඉන්ධන ගැටලුව පාර්ලිමේන්තුවටත් බලපායි
ඉන්ධන අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දිනයන් හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ. අද රැස්වු පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දිනයන් හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ. අද රැස්වු පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ගෘහ හා ගෘහ ආශ්රිත විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දැනට පවතින වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25ක්, අනෙකුත් මැද පෙරදිග රටවල් සඳහා වයස අවුරුදු 23ක් සහ සෙසු රටවල්…

ප්‍රමුඛතාව මත ඉන්ධන හිමිවන වෘත්තීන් ඇර සෙසු රථ වාහන සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව සතියකට දෙවරක් ඉන්ධන ලබාදීමේ යෝජනාව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත. ලබන 23 සහ 24 යන දිනවල පෙට්‍රල් රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එය අදාල දිනයන්හි ස්ථීර වශයෙන්ම මෙරටට පැමිණෙනු ඇති බවයි විදුලිබල හා බලශක්ති…

ඛණිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, විදුලිබල සැපයීම, රෝහල් හා ඊට සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්. ජුනි මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. විදුලි සැපයුම සහ රෝහල්…

පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. එසේම විනෝද ගමන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් වලකින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

විදේශ විනිමය උපයන සියලුම ආයතන ඉදිරියේදී ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු යැයි යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. විදේශ විනිමය ප්රශ්නය විසඳාගැනීම සඳහා එම යෝජනාව කරන බවත් රත්නායක මහතා කීය.

ඊයේ (19) රාත්‍රී අරගලකරුවන් විසින් ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කරනු ලැබුවාසේම ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකරන ලදි. අද දිනයේ යෙදෙන ගෝඨාභය රාජපක්ෂ උපන්දිනයටද ‘කළු සැමරුමක්‘ නම් කර තිබුණි. අද (20) උදෑසන වාර්තාවන්නේ මෙම අවහිරතාවන්ට එරෙහිව විශාල ප්‍රමාණයක් පොලිස් හා කැරලිමර්දන කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇති බවයි….

කොළොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්රෝ තේරී පත්වී ඇත. ඒ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක වූ සෙනෙට් සභික සහ හිටපු නගරාධිපතිවරයෙකු වන රොඩොල්ෆෝ ෆර්නැන්ඩස් පරාජයට පත්කරමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව, ඔවුන් සතියක කාලයක් මෙරට රැඳීසිටීමට නියමිතය. මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන් සාකච්ඡා පවත්වමින් අදාළ කටයුතු පිළිබඳව සොයාබැලීමට නියමිත බව වාර්තා වෙයි.

රට පුරා රෝහල් රැසක කටයුතුද ඉන්ධන හිඟය නිසා අඩපණ වී ඇතැයි වාර්තා වේ. බොහෝ රෝහල්වල ආපන ශාලාද වැසි යාමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.