missing

පසුගිය මාස කීපයේදී කාන්තාවන් 1500ක් ආගිය අතක් නෑ

පසුගිය මාස කීපයේදී ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. අතුරුදන්ව සිටින මෙම කාන්තාවන් අතර විවාහක අයද සිටින අතර ඇතැම් කාන්තාවන් හොර රහසේ විදේශගත වූවාදැයි පොලීසියට සැක මතුවී ඇත. මෙම අතුරුදන් කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරීහු පවසති.   lanka hot news

palindara
|

පාලින්දනුවර ජනතාව ගම් බිම් අතහැර යයි

පාලින්ද නුවර , ගලහිටි, විදිය බණ්ඩාර ජන උදාන ගම්මානයේ වැඩ කටයුතු අතර මග නතරවි පදිංචි ජනතාව සිව් වසරක් තිස්සේ බොන්න වතුර නැතිව අසරණවි සිටිති. 2019 වසරේදි පදිංචියට පැමිණි ජනතාවට ගේ දොර හදා ගන්නට ආධාර , ආදායම් මාර්ග නැතිව පදිංචිකරුවන් 52 දෙදෙනාගෙන් පිරිසක්මේ වන විට ගම් බිම් අතහැර ගොසිනි. ගංවතුරින් , නායයාමෙන් අසරණව යන එන මං…

law
|

වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව නඩු

මෙරට ප්‍රධාන පෙළේ වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා ඇති බව වාර්තා වේ. පාලනය කළ නොහැකි හේතු සාධක මත වාහන අමතර කොටස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවත් පවතින තත්ත්වය හමුවේ අසාධාරණ ලෙස ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ සමාගම්වලට එරෙහිව මෙලෙස කටයුතු කොට…

epfetf

ETF – EPF සාමාජික මුදල් නොගෙවන හාම්පුතුන්ට වැඩ වරදී

සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල්වල සාමාජික ගාස්තු ගෙවීමට හාම්පුතුන්ට දී ඇති සහන කාල සීමාවේදී ගෙවීම් නොකළ හොත් අධිභාරයක් ගෙවීමට සිදුවනු ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. මැයි මාසයේ සාමාජික මුදල් දෙසැම්බර් 31ට පෙර ගෙවිය යුතු බවයි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ. etf,etf claim form,etf form,etf…

oil of dermae cream

තෙල් සේවකයන්ට ඉල්ලමක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට නත්තල් ප්‍රසාද දීමනා  ලබාදීම සඳහා රුපියල් කෝටි හැටක් පමණ මුදලක් ලබා ගැනීමට ඉදිරි සතියේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව  ආරංචි මාර්ග සඳහන් කරයි. සෑම මසකම සේවක අතිකාල දීමනා සඳහා පමණක් රුපියල් කෝටි විසි පහක් පමණ වැය කරන බවද සංස්ථාව අධික වශයෙන් පාඩු ලබද්දී මෙවැනි විශාල මුදලක්…

kelaniya-campus

සරසවි තනතුරු දේශපාලනීකරණය හෙළාදකිමු – කැලණි මහා ශිෂ්‍ය සංගමය

කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකින් නව කුලපතිවරයා ලෙස මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පත්කිරීම විවේචනය කර තිබේ. සභාපති හිමියන් පවසා ඇත්තේ ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස සරසවි දේශපාලනීකරණය කරමින් සිටින බවයි. මින් ඉහත රුහුණට විශ්‍රාමික හමුදා උපකුලපතිවරයෙක් පත් කිරීමටත්, විවෘත සරසවියට තමන්ගේ කැමති අයෙකු උපකුලපති කෙනෙකු පත්කිරීමටත් සූදානම්වූ…

richway

දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළට

දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි. කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය. දරුවන් සහ දරුවන්ගේ…

corona

කොරෝනා ආසාධිතයින් හා මරණ ගණන වැඩි වේ

ඊයේ දිනයේ  මෙරටින් හදුනාගත් ආසාදිතයන් ගණන 592ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 543,261කි. තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (03) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ…

unlock

Unlock කලා විතරයි නැවතත් අනතුරු ඇඟවීම

රට පුරා පැවැත්වෙන ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැස්විම් තුළින් යළිත් රටපුරා කොවිඩ් රැල්ලක අවදානමක් මතුවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සියලු උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කණගාටුදායක බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. කෙටි දුර සේවාවේ යෙදෙන බස් රථවල…

ganja

අවුරුදු 23නේ ගංජා Man

අඩි දාහතරක් උස ගංජා පැල දහයක් සමඟ තරුණයකු  අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසනවා. මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් බල ප්‍රදේශයේ කඩිහාර පාත්‍රාගල වත්ත පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක් වන අතර නිවස පිටුපස මෙම ගංජා වගාව සිදු කරගෙන ගොස් ඇත. සැකකරු හා ගංජා පැළ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හා ගංජා…