corona

තවත් කොරෝනා රැල්ලක පෙරනිමිති – අනතුරු ඇඟවීම්

ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිතව සහ නොසැලකිලිමත් අන්දමින් කටයුතු කළහොත් මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හමුවේ අනිවාර්යෙන්ම කොරෝනා රැල්ලක් නිර්මාණය වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරටද හඳුනා ගැනීමත්, දැනටමත් කොළඹ නාගරික සීමාවෙන් නව වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග මෙවන් භයානක තත්ත්වයක් ඇති වීමේ පෙරනිමිති පහළ…

child

මාස 4ක බබෙක් කොරෝනා හැදී මරුට

කොවිඞ් 19’ ආසාදිතව මාස හතරක වයසැති බිලිඳකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නමැති බිලිඳකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි. පසුගිය 12 වැනිදා මෙම දරුවාට මාස හතරේදී ලබා දෙන එන්නත තිත්තපජ්ජල රෝහලේදී ලබා දී ඇත. ඉන්පසු උණ සමග හුස්ම…

රන්පත්විල මහ විද්‍යාලයට කුඩම්මාගේ සැලකිලි

රන්පත්විල මහ විද්‍යාලයට කුඩම්මාගේ සැලකිලි

ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කාලාප කාර්යාලයට අයත් කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයේ රන්පත්විල මහ විද්‍යාලයට බලධාරින්ගේ කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට හා ගුරුවරු ගුරුවරියන්ට දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව පළමු වසර සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පැවසූහ. වර්ෂ 1922 ජුලි මාසයේ ආරම්භ කරන ලද විදුහලට වසර 99 දිගු ඉතිහාසයක් ඇති අතර…

paddyfield

සේනපුර වෙල්යායේ නිදන් සෙවු පුද්ගලයන් සොයයි

මොරගොඩ පොලිස්වසමේ ඉපැරණි සේනපුර වෙල්යායේ නිදන් සෙවු බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා මොරගොඩ පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. මොරගොඩ මීගල්ලෑව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි ඉපැරණි සේනපුර වෙල්යායේ පිහිටි ගල්තලාවක් ආසන්නයේ කිසියම් පිරිසක් අක්‍රමිකවත් කැනීම සිදුකර තිබෙනා බව පවසන පොලිසිය අදාල ස්ථානයට මදක් ඈතින් පිහිටි බඩ…

පෙට්ටි කඩ ලක්ෂ තුනකට

පෙට්ටි කඩ ලක්ෂ තුනකට

මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මහජන පොල මාවතේ ඉදිකර තිබෙන අනවසර වෙළදසැල් (පෙට්ටි කඩ) පහක බ්ම් කොටස් රුපියල් ලක්ෂ තුන බැගින් ගෙවා මිලදි ගන්නා ලෙස මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙපළක් දැනුම්දී තිබෙනා බව නගරයේ වෙළෙන්දන් පිරිසක් අනාවරණය කළහ. දිගු කාලයක් තිස්සේ අදාල ස්ථානවල වෙළදාම් කළ තමන්ට ස්ථිරවම එම ස්ථානයන් ලබාදෙන බව පවසමින් මන්ත්‍රී දෙපළ එක්…

busstand

හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල ගුවන් පාලමක්

හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල ගුවන් පාලමක් ඉදිකිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් ප්‍රධාන බස් නැවතුම්පල අසල සිට සමනල ගම, බණ්ඩාරනායක පුර, යන ප්‍රදේශවලට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ගමන් කරන බැවින් බස් නැවතුම්පල අසල මාර්ගය…

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයෑම සහ රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අදාළ මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම…

corona1

උතුරු මැද පළාතේ කොවිඩ් 19ආසාධිතයන් 796 දක්වා ඉහළට

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාධිතයන් වාර්ථාවීම ඉහළ ගොස් ඇති බවත් උතුරු මැද පළාතේ කොවිඩ් 19ආසාධිතයන්ගේ සංඛ්‍යාව 796 දක්වා ඉහළ ගොස් තිබෙනා බව උතුරු මැද පළාත් සෞඛ්‍ය මෙහෙයුම් කමිටුව පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ අනාවරණය කළේය. හමුව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ශ්‍රවණාගාරයේදි ඊයේ (15දා) පැවත්විණි.උතුරු මැද පළාතේ කොව්ඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව…

රස පරික්ෂණ දෙපාර්තමේන්තුව 104% ක ප්‍රගතියකට

රස පරික්ෂණ දෙපාර්තමේන්තුව 104% ක ප්‍රගතියකට

මෙම වසරේ ජනවාරී මාසය තුළ පමණක් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ 4828 ක් සිදු කොට පරීක්ෂණ 5060 ක් සම්පුර්ණ කර ඇති අතර ,අවම වශයෙන්  මසක් තුළ වාර්තා ලබාදීය හැකි මට්ටමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගෙන එන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ වාරිමාර්ග අමාත්‍ය හා ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ හා…

news sinhala sri lanka

කොවිඩ් නිසා පාසලක් වැසේ

හැටන් හයිලෙවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ලබාදි ඇති සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල තාවකාලිකව වසා දැමිමට එහි පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලද්දේ මෙම ගුරුවරිය අප්කට් ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම කාන්තාව හැටන් හයිලේවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් ලෙස…