රැදවියන් 267 දෙනෙකුට ජනපති පොදු සමාව

රැදවියන් 267 දෙනෙකුට ජනපති පොදු සමාව

රජගිරිය, රෝයල් පාක් ඝාතන සිද්ධියේ චූදිත ජුඩ් ඇන්තී ජයමහ ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටියදි  ජනාධිපති සමාව යටතේ පසුගිය දා නිදහස් කිරීමත් සමගම සියලු බන්ධානාගරයන් හි යම් නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. තමනුත් ජනපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ  බන්ධනාගර රැඳවියන් දෙදෙනෙකු ඊයේ (13) පළමුව උපවාසයක් ආරම්භ කරනු ලැබූ අතර පසුව ඊට තවත් හතරදෙනෙකු…

වායු දුෂණය ඉහළ යාමෙන් දිල්ලියේ පාසල්, කර්මාන්තශාලා  වැසේ
|

වායු දුෂණය ඉහළ යාමෙන් දිල්ලියේ පාසල්, කර්මාන්තශාලා  වැසේ

ඉන්දියාවේ, නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය පිරිහීම හේතුවෙන් ඒහි පාසල් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වසා තැබීමට දිල්ලි  රජය පියවර ගෙන තිබේ. පරිසර දූෂණය (වැළැක්වීමේ හා පාලන) අධිකාරියේ නියෝගයකට අනුව වාතයේ ගුණාත්මකභාවය හදිසි මට්ටමට ආසන්නව පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ. මේ අතර දිල්ලියේ එන්.සී.ආර් හි උණුසුම් මිශ්‍ර පැලෑටි සහ ගල් කුඩු තහනම තවදුරටත් සිකුරාදා දක්වා දීර්ඝ…

නිදහස් මාධ්‍යවේදියාට මැරප්‍රහාරයක්

නිදහස් මාධ්‍යවේදියාට මැරප්‍රහාරයක්

යතුරැ පැදිවලින් පැමිණි නාදුනන පිරිසක් විසින් මාධ්‍යවේදියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. මෙම සිද්ධිය ඊයේ (13) රාත්‍රියේ දී සිදුව ඇත. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ගාල්ල හබරාදූව, මීපේ පදිංචිව සිටි ලසන්ත විජේරත්න නැමති නිදහස් මාධ්‍ය වේදියෙකි. “නාස්තිකාර සංවර්ධනය හා දූ ෂ ණ ය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න මහතා පසුගිය රජයේ…

ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණය මෙවර කොළඹදී

ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණය මෙවර කොළඹදී

ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණයේ හයවන වාර්ෂික සම්මන්ත්‍රණය නොවැම්බර් 19 වනදා සිට කොළඹදී ආරම්භ වන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි. නාවික යුද කටයුතුවලට අදාල ජාත්‍යන්තර නීතින් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 21 දක්වා එම සම්මන්ත්‍රණය පැවැත්වේ. නාවික යුද  නීතිය, මුහුදේදී සිදුකරන මානුෂිය මෙහෙයුම්වල සුවිශේෂි ගති ලක්ෂණ, ඒ හා සම්බන්ධ ගැටළු මෙන්ම සමුද්‍රීය මෙහෙයුම් සිදුකළ හැකි…

පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව

පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව

අද දිනයේ සිට කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු නොකළ යුතු අතර පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත්  කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කාර්යාල හැර අනෙක් මැතිවරණ කාර්යාල ද අද දිනය තුළ ඉවත් කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය. මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ,…

අවසන් සාකච්ඡාවට ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

අවසන් සාකච්ඡාවට ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

ජනාධිපතිවරණයට අදාලව අවසන් සාකච්ඡාවට සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට අද මැතිවරණ කොමිසමට පැමිණෙන්නැයි කැඳවීමක් කර තිබේ. අද පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනයේ කටයුතු සම්බන්ධයෙන් හා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරිම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාව…

මව්බිම හා සිලෝන් ටුඩේ කියන්නේ බොරු – සුමන්තිරන්

මව්බිම හා සිලෝන් ටුඩේ කියන්නේ බොරු – සුමන්තිරන්

දකුණේ සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්ද දුන්නොත් පමණක් යැයි සුමන්තිරන් උතුරේ ජනතාවට කියයි යැයි අද මව්බිම පුත්පතේ හා ඒහි ඉංග්‍රීසි පුවත්පත වන සිලෝන් ටුඩේ පුවත්පත සදහන් සිරස්තල මුලුමනින් අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒම්.ඒ. සුමන්තිරන් මහතා ටුවිටර් නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කරයි. මෙවර ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සහාය වඩාත් සුදුසු අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට…

රෝයල් පාර්ක් අපරාධකරැට සමාව දෙන ලෙස මා ඉල්ලා සිටියේ නැහැ – ගාලු රදගුරු

රෝයල් පාර්ක් අපරාධකරැට සමාව දෙන ලෙස මා ඉල්ලා සිටියේ නැහැ – ගාලු රදගුරු

පසුගිය දා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත්කල නිවේදනයක සදහන් වුයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, බද්දේගම සමිත හිමි,  ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරත හිමි, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ හිමියන් ඇතුලු හිමිරැ ගණනාවක් හා රදගුරැ රේමන් වික්‍රමසිංහ අතුලු පියවරැන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීම් ද සලකා රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාලව ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටි ශ්‍රමන්ත…

බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ
|

බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ

බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ. කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය. හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියාය. ඔහු රැගත් මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානාව චිමෝරේ ගුවන්තොටුපොළ වෙත ලගා වූ අතර,…

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්
|

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදන දර්ශනය 2018 වසරේ සැප්තැම්බර් මසට වඩා මෙම වසරේ සැප්තැම්බර් මාසය 0.5 ‍% ක වැඞීවීමක් වාර්තා කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2019 සහ 2018 යන වසර වල සැප්තැම්බර් මාසයේ දර්ශකය පිළිවෙලින් 107.3 ක් සහ 106. 07 ක් වී තිබේ. 2018 සැප්තැම්බර් මාසික නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව 2019 සැප්තැම්බර් මස කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය…