රටම අඳුරු වන දිනය ගැන ඉඟියක්

viduliya

බලාගාරවල සේවය කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියද බලාගාර හා මෙහෙයුම් පද්ධතිවල ඉංජිනේරුවන් සේවාමුරක්‍රමයට රාජකාරි කරන බව ද ඉදිරි පියවරේදී ඔවුන්ද රාජකාරිවලින් ඉවත්කර ගන්නා බව ද පවසයි. වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මුළු රටම අඳුරේ වැටෙන බව ලංවීම ඉංජිනේරු සංගමය පවසයි.

Read More

ලිච්ඡවි සමය තරම් අද අප ප්‍රජාතන්ත්‍රවාදී නැහැ

lingika

ලිංගීක ශ්‍රමීකයන් නීතීගත කිරීම ප්‍රායෝගීකද.? නෛතීක මතය With new additions අයාලේ යැම පනත ලංකාවේ නීතීයට හඳුන්වා දෙන්නේ 1841 තරම් ඇත යුගයකදීය. එය මුලීකවම භාවීතා වන්නේ එවකට වතු ආර්ථීකය පෝෂනය කරන්නට ඉන්දීයාවෙන් ගෙනා සංක්‍රමණීක සේවකයන් පාලනය හා ඔවුන් වත්තකින් වත්තකට පැන යාම වැලැක්වීමටය. එහෙත් එහි 2 වන හා 9 වන ඡේදයන්හි මහා මාර්ග හා මංමාවත්හි කලහකාරී ලෙස හැසිරීම හා 9 වන ඡේදයේ විස්තර කරන පරිදි සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ලිංගික ශ්‍රමික ආදයමින් ජීවත්වන්නන් හෝ ක්‍රමාණුකුලව අනීතික හෝ අස්වාභාවික ලිංගික චර්යාවන්ට පුද්ගලයන් procure රැස් කරන්නන් මේ අයලේ පනත යටතේ වගකීමට බැඳේ ඔවුන්…

Read More

අලුත් කතාබහ – නව දේශපාලන ක්‍රමයක්

arjuna

දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවී පැවසීය. නව දේශපාලන ක්‍රමයක් මෙරට ඇති කිරීමට මා උරදී කටයුතු කරනවා . වෙනම පක්ෂයක් හැදීමට හෝ පවතින පක්ෂ සමග එකතුවී දේශපාලනයේ නිරත වීමේ අදහසක් මාගේ නැහැ . පක්ෂ දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව ඉදිමින් රට වෙනුවෙන් මාගේ යුතුකම ඉටු කිරීමට මා බලාපොරොත්තු වෙනවා . අද මෙරට පවතින දේශපාලනයෙන් රටට යහපතක් සිදුවී නැහැ . ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අවශ්‍යයි…

Read More

සිලින්ඩර පිපිරීම්වලට හේතුව

gas

ගෑස් සිලින්ඩරවල අඩංගු විය යුතු ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය පරික්‍ෂා කිරීමේදී මේ වනවිට වෙළෙඳපොළේ තිබෙන ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් අනුපාතය සියයට 49ක් සහ බියුටේන් අනුපාතය සියයට 51 දක්වා වෙනස් කර තිබීම නිසා ගෑස් සිලින්ඩර හා ගෑස් ලිප් ගිනි ගන්නා බවට සපුගස්කන්ද පිරිපහදු රසායනාගාරයේ පරික්‍ෂණවලදී තහවුරු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙතෙක් කලක් ගෑස් සිලින්ඩරවල තිබූ සංයුතිය වූයේ බියුටේන් 70% සහ ප්‍රොපේන් 30% අනුපාතය හෝ බියුටේන් 65% ප්‍රොපේන් 35% අනුපාතයයි. මෙරටට ගෙනා ගෑස් මිශ‍්‍ර කිරීමේදී එකී අනුපාත දෙක වෙනස් කිරීම නිසා ගෑස් සිලින්ඩරවල රෙගියුලේටරයට බලපෑම් ඇතිවී මෙලෙස ගිනි ගැනීම් සිදුවිය…

Read More

ඔමික්‍රෝන් ලංකාවට ඒම වළක්වා ගැනීම අසීරුයි

padmaguna

ලෝකය පුරා අලුතින් ඔමික්‍රෝන් නමැති කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ ශ්‍රී ලංකාවේද එය පැතිරීම වැළැත්විය නොහැකි අවදානමක් මතුව ඇති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය. මේ අවස්ථාවේ අපට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර තිබෙනවා. ඔමික්‍රොන් කියන මෙම ප්‍රබේදය කොරෝනා සම්බන්ධ විකෘතිවීම් විශාල ප්‍රමාණයක් ඇති බව. එස් ප්‍රෝටීනය බොහෝ විකෘති වන නිසා මෙය ඉතා වේගයෙන් පැතිරෙන බව හඳුනාගෙන තිබෙනවා. අප දැනට භාවිත කරන එන්නත් මීට ඵලදායිද යන්න ගැටලුවක්වී තිබෙනවා. ඉතා වේගයෙන් පැතිරෙන නිසා තවත් රටවල් වල පැතිරෙන නිසා මේ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේද පැතිරෙන…

Read More

ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් ඔබ කළ යුතු දේ

gas

ඔබේ නිවෙසේ ඇති ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදුවුවහොත් හෝ සිලින්ඩරයට ගිනි ඇවිලුනහොත් ඔබ කුමක් කළ යුතුදැ යි දැනුවත්ව සිටීම, යම් දිනෙක ඔබේත්, ඔබේ පවුලේත් ජීවිත ආරක්ෂා කරනු ඇත. ගිනි නිවීම් සහ ජීවිත ගලවාගැනීම් පුහුණු පාසැලේ ප්‍රධාන නිලධාරී එච්. එච්. මධුසිරි, ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් කාන්දුවක් සිදුවිය හැකි අයුරුත්, එවිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්නත් පහදා දුන්නේ ය. මුළුතැන්ගෙයි පහසුවෙන් ඉවත්කළ හැකි තැනක සිලින්ඩරය තැබීමේ වටිනාකම ඔහු අවධාරණය කරයි. “හදිසියක් වුණෝතින් ඉක්මනින්ම මේ ගෑස් සිලින්ඩරේ ඉවත් කරගන්න පුළුවන් තැනක තියාගන්න එක තමයි ඉතාමත්ම වැදගත් දේ,” ඔහු කියා සිටියේ ය. එසේම, ගෑස්…

Read More

උද්දච්ච සහ වැඩ බැරි ඇමැතිවරු නිසා මහජනතාව අනවශ්‍ය පීඩාවන්ට

ravikumudesh

උද්දච්ච ඇමැතිවරු සහ වැඩ බැරි නිලධාරීන් නිසා මහජනතාව අනවශ්‍ය පීඩාවන්ට ලක් වෙනවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වරයා කියනවා, ඔහුට ජනාධිපති උපදෙස් දුන්නලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වැටුප් විෂමතාවය විසදන්න කියලා. ඕක පාර්ලිමේන්තුවේ කිව්වා කියලා වැටුප් විෂමතාවය ඉවත් වෙනවද? අඩු ගානේ ඒ ගැන කථා කරන්නවත් පුලුවන් වුණා නම්, මේ වගේ වර්ජන නවත්තා ගන්න තිබුණා. රාජපක්ෂ මුදල් ඇමති පාර්ලිමේතුවේ කියපු එක අඩු ගානේ සෞඛ්‍ය ලේකම් පත්තරෙන්වත් දැකලා නෑ. සෞඛ්‍ය ලේකම්ට එකම එක සාකච්ඡාවක්වත් කරන්න බැරිවෙලා තියනවා, මේ වෘත්තිකයින්ගේ ගැටළු විසදන්න. අපි ඉස්සර හිතුවේ ඔහු යුධ හමුදාවේ ඉදලා ආපු නිසා, සාකච්ඡාව දෙන්නේ නැත්තේ චන්ඩිකමට කියලා.…

Read More

පාර්ලිමේන්තුවේ 225 හරි. අකාර්යක්ෂම රජයක් හදපු අපි හැමෝම වැරදි

kinniya-palama

ඉස්සර මං ජවිපෙ ෆුල්ටයිමර් කාලෙ අඟුලෙන් බයිසිකලේ අරන් ධර්ගා ටවුමෙ ඉඳන් බෙන්තර යනවා බෙන්තර ගඟ හරහා. ඒ කාලෙ මටත් පීනන්න බැහැ. අඟුල පාලම් පාරුවට වඩා අවදානම්. පෙරළුනා නම් මාත් දැන් නැහැ. එතන දැනුත් පාලමක් නැහැ. දාන්නත් බැහැ. ඕනැත් නැහැ. බෙන්තර පාලමෙන් රවුමෙන් යන්න පුළුවන්. දුරයි. අවදානම අඩුයි. හැම නාන තොටුපළක් ගානෙම පාලං හදන්න බැහැ. මං දන්න තරමින් කළු ගඟ හරහා කළුතර දිස්ත්‍රික්කෙම තියෙන්නෙ පාලම් තුනයි. කළුතර, අඟුරුවාතොට, නාරගල. දෙගොඩම සංවර්ධනය වෙනවා නම් සහ ප්‍රවාහන පහසුකම් තියෙනවා නම් එගොඩ මෙගොඩ ඔරු පදින්න ඕනැ නැහැ. ෂෝට්කට් හැම තිස්සෙම අවදානම්. කින්නියාවල පෙරළුණ පාලම්…

Read More

සහනාධාර කාබනික පොහොරවලට පමණයි.. බැරි අය යන්න

gotabaya

රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බව ජනාධිපතිතුමා පවසයි. ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතුය. එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගත යුතුය. ඒ සමග සටන් වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය. දිවයිනේ…

Read More

ඉදිරියේදී රටතුල මිට වඩා දුෂ්කර අවදියක්

bandula

1930 දි ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඇතිවු අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රටතුළ ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වීමට ඉඩ ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ගාල්ල හපුගල නව සතොස ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඔහු මෙසේද කිවේය. “කොවිඩි 19 නිසා ඇතිවු මේ තාවකාලික පිඩනය තුල ඉන් ගොඩයාම සදහා අපේ රටේ සම්පත් හා මිනිසුන් මත වැඩි විශ්වාසය තියෙන ජාතික ආර්ථිකයක් ගොඩනගා ගැනිම සදහා අප සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ සදහා මේ රටතුල ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වෙන්න…

Read More