power

අම්පාර, හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අදාළ ආයෝජකයන් වෙත පිරිනැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ග්‍රීඩ් උපපොළවල් 11ක මෙගාවොට් 1 සිට 5 දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70ක ධාරිතාවක් ස්ථාපනය කිරීම සඳහා 2023-10-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර අනුමැතිය ලබාදී තිබෙනවා.

සූර්ය ප්‍රකාශ වොල්ටීයතා විදුලි බලාගාර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක වෙයි.

මෙය වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත ස්ථානය කිරීම සඳහා ග්‍රිඩ් උපපොළවල් 05ක මෙගාවොට් 51ක් සැපයීමට අදාළව මෙම කොන්ත්‍රාත් පිරිනැමීම සිදු වෙයි.

Similar Posts