abiyasa

හැටන් අධ්‍යාපන කලාපයේ සේවය කරන ගුරුවරුන්, විදුහල්පතිවරුන්ගේ පවතින ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දිමේ අරමුන මත පවත්වන ලද අභියස ජංගම සේවය 06වන දින හැටන් ශ්‍රිපාද විද්‍යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විනි.

මධ‍්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති මෙම ජංගම සේවය අමරසිරි පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

මෙහිදි අදහස් දැක්වු අමරසිරි පිරිස් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ සේවය කරන විදුහල්පතිවරුන්, ගුරුවරුන්ගේ මුල් පත්විමේ සිට විශ්‍රාම යාම දක්වා පවතින ගැටලුවලට මෙහිදි විසදුම් ලබා දිමට පියවර ගන්නා බවත්ය.

මෙම කලාපයේ විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ කල් පවතින ගැටලු රාශියක් පවතින බවත් එම ගැටලු විසදා ගැනිම සදහා එම ගුරුවරුන් විදුහල්පතිවරුන් මධ්‍යම පලාත් කාර්යාලට පැමිනෙන විට එම පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.

පවතින ආර්ථික ගැටලු මධ්‍යයේ මෙම පිරිසට ගමන් ගාස්තු ලෙස අමතර මුදලක් වැය වන බවත් එමෙන්ම එසේ ඒමට නිවාඩු දමා කාලය ගත කිරිමට සිදුවන බවත් මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර තම නිලධාරින් මෙම ස්ථානයට ගෙන්වා මෙම කලාපයේ පවතිවන විදුහහල්පති ගුරු ගැටලු විසදිම විදුහල්වල පවතින ඉඩම් ගැටලු විසදිම මෙහි ප්‍රධාන අරමුණ බවද ඔහු පැවසිය.

එමෙන්ම විදුහල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කර එම දරුවන්ගේ ප්‍රථිපල වැඩි කිරිමට කල යුතු කාර්යන් පිලිබදවද මෙහිදි වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බවත් මෙම ජංගම වැඩ සටහන මධ්‍යම පලාතේ තුන්වන වැඩ සටහන බවත් මෙවැනි වැඩ සටහන් මධ්‍යම පලාතේ සියලුම කලාපවලදි සිදු කරන බවද අමරසිරි පියදාස මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts