dailyreporter

හැටන් සාමිමලේ බස් නැවතුම්පලේදි කාන්තාවන්ට හිංසාවන අකාරයෙන් හැසිරුන පුද්ගලයකු කාන්තා පොලිස් නිලධාරි උපාය දුතයකු ලෙස යොමු කර අත් අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත.
හැටන් සාමිමලේ බස් නැවතුම් පලේ රැදි සිටින පාසල් සිසුවියන්ට හා කාන්තාවන්ට හිංසාවන අකාරයෙන් පුද්ගලයකු හැසිරෙන බවට ලද තොරතුරක් මත එය සනාත කර ගැනිම සදහා කාන්තා පොලිස් නිලධාරියක් උපාය දුතයකු ලෙස එම ස්ථානයට යැවිමට පියවර ගත් බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.
එසේ උපාය දුතයකු ලෙස යවන ලද කාන්තා පොලිස් නිලධාරියටද හිංසා වන අකාරයෙන් මෙම පුද්ගලයා හැසිරි ඇති බවත් ඒ අනුව එම පුද්ගලයා අත් අඩංගුවට ගත් බවත්ය.
පොලිස්පති තුමන්ගේ යුක්තිය මෙහෙයුමට සමගාමිව බස් රථවල පොදු ස්ථානවල කාන්තාවන්ට හිංසා වන අකාරයෙන් කටයුතු කරන ජැක්සන්ලා අත් අඩංගුට ගැනිමේ මෙහෙයුම යටතේ මෙම පුද්ගලයා අත් අඩංගුවට ගත් බවත් මෙසේ අත් අඩංගුවට ගන්නා ලද එම පුද්ගලයා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණටය ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් මෙකි පුද්ගලයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වයසැති අයකු බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts