“ලෙඩ වූ” ගුරුවර ගුරුවරියන්ට දොස්තර මහත්වරු වෙනුවට තැපැල් මහත්වරු හොයාගෙන යන්න වුණේ ඇයි? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ඊයේ හා පෙරේදා (26,27) බොහෝ රජයේ පාසැල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් තමන් සේවය කරන පාසලට ගියේ නැත.ඒ පිළිබඳව දැන ගන්නට ඇත්තේ ඔවුන් අසනීප වීම නිසා එසේ නොගිය බව ය.සාමාන්‍යයෙන් කෙනෙකු අසනීප වූ විගස කරන්නේ රෝහලකට හෝ දොස්තර මහතකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම ය. එසේ වුවද මෙසේ අසනීප වූ විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් ගියේ තැපැල් මහත්වරු හමුවීමට තැපැල් කන්තෝරුවලට ය. ඒ බව තහවුරු වුණේ ඊයේ පෙරේදා උදේ වරුවේ තැපැල් කන්තෝරුවට ගිය සාමාන්‍ය මිනිස්සුන්ගේ කතාබහෙනි.ඔවුන් කියන හැටියට මේ දින දෙකේ තැපැල් කන්තෝරු හරියට “පිංපඩි දවස්” වල වාගේ ය.ඒ කිව්වේ විදුහල්පතිවරු හා ගුරුවරු ගුරුවරියන් පිංපඩි ගන්නා බවක් පැවසීමට නොවේ. පිංපඩි දිනවලටත් තැපැල් කන්තෝරුවල ඊයේ පෙරේදා වගේම දිග පෝලිම් හැදෙන නිසා ය.

ඊයේ හා පෙරේදා ගුරුවරු ගුරුවරියන් තැපැල් කන්තෝරු ගානේ පෝලිම් ගැසුණේ තමන් අසනීප වූ බව දන්වා නිවාඩු ඉල්ලන්නට ය.ඔවුන් නිවාඩු ඉල්ලන්න තැපැල් කන්තෝරුවට ගියේ දැන් විදුහල්පතිවරුන්ට ගුරුවරු ගුරුවරියන්ට නිවාඩු දෙන්නේ තැපැල් මහත්තයා නිසා දැයි අහන්නත් යමකුට පුලුවන.ඒ ඔවුන් වුණාට එතනට ගියේ තැපැල් කන්තෝරුව හරහා “ටෙලි මේල්” පණිවුඩයකින් නිවාඩු අයදුම් කිරීමට ය. මේ සංසිද්ධිය ඇසූ මට “අනේ අපේ දූදරුවන්ගේ ගුරුවරු ගුරුවරියන් නේද මේ?” කියා මහා දුකක් දැනුණි.එනිසා හදිසියකට ගුරුවරයෙකුට ගුරුවරියකට නිවාඩු අයදින්නට ටෙලිමේල් එකක්ම ඕනෑ වීම ගැන මඳක් විමසා බලන්නට සිතුණි.

ඊයේ හා පෙරේදා ගුරුවරු ගුරුවරියන් තැපැල් කන්තෝරු ගානේ පෝලිම් ගැසුණේ තමන් අසනීප වූ බව දන්වා නිවාඩු ඉල්ලන්නට ය.ඔවුන් නිවාඩු ඉල්ලන්න තැපැල් කන්තෝරුවට ගියේ දැන් විදුහල්පතිවරුන්ට ගුරුවරු ගුරුවරියන්ට නිවාඩු දෙන්නේ තැපැල් මහත්තයා නිසා දැයි අහන්නත් යමකුට පුලුවන.ඒ ඔවුන් වුණාට එතනට ගියේ තැපැල් කන්තෝරුව හරහා “ටෙලි මේල්” පණිවුඩයකින් නිවාඩු අයදුම් කිරීමට ය. මේ සංසිද්ධිය ඇසූ මට “අනේ අපේ දූදරුවන්ගේ ගුරුවරු ගුරුවරියන් නේද මේ?” කියා මහා දුකක් දැනුණි.එනිසා හදිසියකට ගුරුවරයෙකුට ගුරුවරියකට නිවාඩු අයදින්නට ටෙලිමේල් එකක්ම ඕනෑ වීම ගැන මඳක් විමසා බලන්නට සිතුණි.

රාජ්‍ය සේවයේ නිවාඩු යනු අයිතිවාසිකමක් නොවන බවත් එය නිවාඩු අනුමත කරන බලධාරියාගේ අනුමැතියට යටත්ව පමණක් භුක්ති විඳින වරප්‍රසාදයක් බවත් ආයතන සංග්‍රහයේ නිවාඩු පරිච්ඡේයේ උඩින්ම සඳහන් කර ඇත. ඉන් අදහස් වන්නේ නිවාඩුවක් භුක්ති විඳිය හැක්කේ බලධාරියකු අනුමත කළොත් පමණක් බව ය.එසේම සාමාන්‍යයෙන් නිවාඩු ඉල්ලීමක් නිවාඩුව ආරම්භ වීමට දින හතකටවත් කලින් අනුමත කරන බලධාරියාට ලැබිය යුතු ය.එසේ වුවද හදිසියේ ඇතිවන අසනීපයක් හෝ වෙනත් අවශ්‍යතාවක් මත නිවාඩු ඉල්ලීමට අතීතයේ දී විදුලි පණිවිඩ භාවිතා කිරීමට ඉඩදී තිබුණි.

රාජ්‍ය සේවයේ නිවාඩු යනු අයිතිවාසිකමක් නොවන බවත් එය නිවාඩු අනුමත කරන බලධාරියාගේ අනුමැතියට යටත්ව පමණක් භුක්ති විඳින වරප්‍රසාදයක් බවත් ආයතන සංග්‍රහයේ නිවාඩු පරිච්ඡේයේ උඩින්ම සඳහන් කර ඇත. ඉන් අදහස් වන්නේ නිවාඩුවක් භුක්ති විඳිය හැක්කේ බලධාරියකු අනුමත කළොත් පමණක් බව ය.එසේම සාමාන්‍යයෙන් නිවාඩු ඉල්ලීමක් නිවාඩුව ආරම්භ වීමට දින හතකටවත් කලින් අනුමත කරන බලධාරියාට ලැබිය යුතු ය.එසේ වුවද හදිසියේ ඇතිවන අසනීපයක් හෝ වෙනත් අවශ්‍යතාවක් මත නිවාඩු ඉල්ලීමට අතීතයේ දී විදුලි පණිවිඩ භාවිතා කිරීමට ඉඩදී තිබුණි.මා කලක් අම්පාර කච්චේරියේ උප දිසාපතිවරයා ලෙස සේවය කරද්දී එක් වර්ෂා සමයක කල්මුනේ සිට සේවයට එන නිලධාරියෙකු පිළිතුරටත් මුදල් ගෙවා විදුලි පණිවුඩයක් එවා තිබුණි.ඒ “මාවඩි පල්ලි කෝසුව බ්ලොක්. සේවයට වාර්තා කළ නොහැක’ කියා ය.එම විදුලි පණිවිඩයේ පිළිතුරට මුදල් ගෙවා තිබූ නිසා මම ඔහුට “කෝසුව අරින තුරු නිවාඩු අනුමතයි” කියා පිළිතුරු යැව්වෙමි.සිදුව තිබුණේ අම්පාර කල්මුන මාර්ගයේ මාවඩි පල්ලි නම් ස්ථනයේ ඇති දිය පැන්නුමේ වතුර වැඩිවී මාර්ගයේ ප්‍රවාහනය නතරවීමයි. පිළිතුරක් බලාපොරොත්තුව විදුලි පණිවුඩයක් එවන්නේ නම් පිළිතුරට ගෙවා එය එවීම ආයතන සංග්‍රහයේ උපදෙසකි නිවාඩු ඉල්ලීම විදුලි පණිවුඩයකින් කරන්නේ නම් පිළිතුරට මුදල් ගෙවා එවීම නිවැරදි ක්‍රමයයි.නමුත් විදුලි පණිවුඩය දැන් ඉතිහාසයට එක්වී අවසන්‍ ය ඒ වෙනුවට දැන් ඇත්තේ ටෙලිමේල් ය මේ විදුහල්පතිවරුන් ගුරුවරු ගුරුවරියන්ට තැපැල් කන්තෝරුවට ඊයේ පෙරේදා ගිහින් පෝලිම් වල තපින්නට වූයේ වෘත්තීය සමිති නායකයින්ගේ උපදෙස් මත අසනීප නිසා සේවයට වාර්තා කළ නොහැකි බව බලධාරීන්ට ටෙලිමේල් එකෙන්ම දන්වන්නට ය.

මෙසේ තැපැල් කන්තෝරුවල පෝලිම් නොගැසී අසනීපය කියා (පට්ට මුසාවාදයක් වුණත්) බලධාරීන්ට දැන්විය හැකි රජය අනුමත තවත් ක්‍රම කීපයක් ඇති බව මේ ගුරු පරපුර නොදන්නා පැහැදිලි ය.එසේම එහෙම ක්‍රම ඇති බව අධ්‍යාපන බලධාරීන් ද දන්නේ නැති බවත් පැහැදිලි‍ ය ඊටත් වඩා රෙගුලාසිය අකුරටම දන්න බව පෙන්වන ගුරුන්ගේත් ගුරුන්ටත් වඩා ඉහලින් වැජඹෙන ගුරු වෘත්තීය සමිතිත් ඒගැන දන්නේ නැති බව පෙනෙන්නේ දන්නවා නම් සිය සාමජික සාමාජිකාවන් මෙසේ තැපැල් කන්තෝරු ගානේ රස්තියාදු නොකරනනු ඇතැයි අපට සිතෙන බැවිනි.

ආයතන සංග්‍රහයේ විදුලි පණිවුඩයෙන් නිවාඩු ඉල්ලන ක්‍රමය අවලංගු කර රජය 2013,වර්ෂයේ චක්‍ර ලේඛනයක් නිකුත් කොට ඇත.ඒ 24/2013 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයයි. ඒ චක්‍ර ලේඛනයෙන් ආයතන සංග්‍රහයේ නිවඩු පරිච්ඡේදයේ විදුලි පණිවුඩය යන වචනය ඉවත්කර ඒ වෙනුවට ටෙලිමේල් /දුරකථන පණිවුඩ/කෙටි පණිවුඩ (SMS)/විද්‍යුත් පණිවුඩ(Email) යනාදී වචන ඇතුලත් කර සංශෝධනය කරන ලදී.ඒ නිසා දැන් අසනීපයකදී හෝ වෙනත් ඕනෑම හදිසියකදී නිවාඩු අයදුම් කිරීමට දැන් තැපැල් කන්තෝරු ගානේ ගොස් පිංපඩි දවසේ මෙන් පෝලිම් හැදන්නට අවශ්‍ය නැත.හදිසි නිවාඩු අයදුම් කිරීමට දැන් ඇඟිලි තුඩ ප්‍රමාණවත් ය. අධ්‍යාපන බලධාරීන් ද එස් එම් එස් .නැත්නම් කෙටි පණිවුඩයෙන් විද්‍යුත් තැපැලෙන් නැත්නම් ඊ මේල් එකෙන් නිවාඩු ඉල්ලන ගුරුවර ගුරුවරියන්ට “කෝ නිවාඩු ඉල්ලපු බවට රිසිට් එක?” කියමින් ගෙම්බර් දැමීමෙන් වැලකිය යුතුය.එසේ ගෙම්බර් දැමීමෙන් ප්‍රදර්ශනය වන්නේ තමන් ගේ මැටිමෝල් කම බැව් ද ඔවුන් අවබෝධ කරගත යුතු ය.එමෙන්ම එලෙස නීතියේ හතර මායිමෙන් පැන ගුරුවරුන්ට ගෙම්බර් දාන බලධාරීන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වලට එළඹීමට ගුරුවරුන් ඒ සඳහා යොමු කරන වෘත්තීය සමිති වලට ප්‍රබල වගකීමක් හා යුතුකමක් තිබේ. මට “අනේ අපේ ළමයි” කියා හිතුණේ ළමයින්ට මාර්ගගතව (Online)උගන්වන ගුරුවර ගුරුවරියන්ද ටෙලිමේල් යවා රිසිට් එකක් ඉල්ලා ගන්න තැපැල් කන්තෝරුවේ පෝලිමේ තපින බව ඇසීමෙන් හටගත් දුකටම ය. අධ්‍යාපනය ඩිජිටල් වුව ඩිජිටල් අධ්‍යාපනය ලබා දෙන ගුරුවර ගුරුවරියන් තාමත් “ප්‍රාග් ඩිජිටල්” වීමේ දුකට ය.අනික අධ්‍යාපන කන්තෝරුවල නිලධාරීන් පරණ පොත පෙරලන රටක ගුරුවර ගුරුවරියන් පමණක් ඩිජිටල් වී වැඩක් නැත.ඒ දෙගොල්ලෝ එසේ දෙපැත්තක සිටියොත් දරුවන් කොහොමත් අනාථය.ඒ කියන්නේ අනාගතයේ රටම අනාථ වන බව නොවේද?

සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

vinivida.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….