ilam
“අපට ජිනීවා යන්න වුවමනාවක් නෑ. අපේ ප්රශ්ණ මෙහෙදීම විසඳගන්න ඕන. අපට කරන වෙනස්කම් හිංසා මොනම ක්රමයකටවත් නතර කරවන්න බෑ. අපි ගමේ පොලිසියට කිව්ව. යාපනේ පොලිස් ලොක්කට කිව්ව. රටේ ජනාධිපතිටත් ලියල යැව්ව. ඒත් අපි ඉන්නේ මර බයෙන්. වෙල්ලාල මැරයො කොයි මොහොතෙ ඇවිල්ල අපිට ගහවිද අපි දන්නේ නෑ.
අපේ ගෙවල් ගිනිතියාවි ද දන්නේ නෑ. අපිට මේ පැමිණිලි කරල යුක්තිය ඉෂ්ට කරගන්න ක්රමයක් නෑ.” යාපනයේ වට්ටුක්කෝට්ටෙයි ප්රදේශයේ පොන්නාලෙයි ගමේ සුරියවික්රම් ඊයේ අපට දුරකතනයෙන් කිවේ ය. “සූරී” ගෙන් අපි වට්ටුක්ක්කොට්ටෙයි කුලවතුන්ගේ ප්රහාර විමසන විටත් මේ නවතම කුල සටන ඇරඹි සති පහක් ගෙවෙමින් තිබුනේ ය.
වෙනත් නිර්මාන කටයුත්තක් යෙදී සිටින අතරේ මේ පුවත ඇසෙද්දී මුලදි අපට සිතුනේ මේ “කුලවතුන්ගේ ප්රහාරය” උතුරු ඉංදියාවේ බමුණු සන්නද්ධ ව්යාපාරයක් වූ ‘රාෂ්ඨීය ස්වංසේවක සංඝ’ හෙවත් ආර්.එස්.එස්. එකක වාර්තාවක් ද යන සැකයයි. සන්නද්ධ කුලවතුන් සංවිධානාත්මකව මෙසේ නිතිපතා කුල පිඩීතයන් නිදහසේ පහර දෙන්නේ බිහාරයේ, උත්තර ප්රදේශයේ හා මධ්ය ප්රදේශ බඳු ඉංදිය ප්රාන්ත රාජ්යවල දී පමණි.
ලංකා පොලිසිය හා කුල යුද්ධ තතු එසේ වූවත් සති පහක් ගෙවෙද්දීත් වට්ටුක්කොට්ටෙයි නැරඹීමට ගිය යාපනයේ නියොජ්ය පොලිස්පති පී. ලියනගේ ට පීඩාවට පත් කුල පීඩිතයන් කියා සිටියේ තමන් තවමත් මර බියෙන් සිටින බවකි. මෝටර් සයිකල් 25 කින් පමණ කඩු පිහි රැගෙන එන වෙල්ලාල කුලවාදීන් හිටි අඩියේම කඩා වැදී පහර දෙන බව නියෝජ්ය පොලිස්පති ලියනගේ ට පැමිණිලි කළහ.
නියෝජ්ය් පොලිස්පති දුන් පිලිතුර ඉතා පැහැදිලිය. ලංකා පොලිසියට මේ කුලවාදී අපරාධ සම්බන්ධයෙන් ඇති අවබෝධයත් මේ පිළිතුරෙන් පැහැදිලිය. “ අපිට මේ ගම්මැදින් තාප්ප බඳින්න බෑ. අපි මේ ගැටුමේ කුල පසුබිම උසාවියට ඉදිරිපත් කරලයි තියෙන්නේ. සාමය රැකෙන සේ හැසිරෙන්න. සැකකරුවන් අතඩංගුවට ගන්න අපට තොරතුරු දෙන්න. සැකකාරයෝ වට්ටුකෝට්ටෙයි පොලිසියෙන් අල්ලන්නේ නැත්නම් මම යාපනයෙන් කණ්ඩායමක් එවල ඔවුන් අත් අඩංගුවට ගන්නම්.”
පැහැදිලිවම කුල යුද්ධ වලදි ලංකා පොලිසියේ ප්රතිපත්තිය වී තිබෙන්නේ “මරාගෙන ඉවරවෙලා නඩුදාන පොලිසියට වරෙව්” යන ප්රතිපත්තියයි. එබඳු පොලිස් ක්රමයක් නිල ඇඳුම් වලට ගුණදායකය. එහෙත් ඒවා වාසිදායක වන්නේ කෙටිකාලීනවය යන පාඩම පොලිසිය 30 අවුරුදු ඊළාම් යුද්ධයෙන් තවමත් ඉගෙනගෙන නැත. නැතිනම් කුලය මත සිදුකෙරෙන ප්රචන්ඩත්වය මේ සා නිදහසේ දිග්ගැස්සේන්නේ නැත. අනෙක් අතට කුලය මත හා දිළිඳුකම මත වෙනස්කම් වලට ගොදුරුවන තරුන පරපුරක තුවක්කු මුලින්ම එල්ල වන්නේත් මේ පොලිසියට බව මැත ඉතිහාසය ඇති තරම් අවධාරණය කර තිබේ.
තවමත් පොලිසිය මේ කුලවාදී අපරාධකරුවන් කණ්ඩායමෙන් 3 දෙනෙක් පමණක් අත් අඩංගුවට ගෙන සිටී. ඔවුන් ද ඇප පිට නිදහස් කර ඇත. අනෙක් අපරාධකරුවෝ නිදහසේ නිදැල්ලේ සිටිති. සාමය රැකිමේ දී පොලිසිය ඩයස්පෝරා ඩොලර්වලින යැපෙන යාපනයේ ඉතිරිවී සිටින ධනවත් කුලවතුන් යටත් වී සිටින බවක් බැලූ බැල්මටම හැඟෙයි. යාපන පොලිසිය පමණක් නොව අධිකරණය තුල කුලවාදය පක්ෂ බව මේ දුකට පත් කුල පීඩිතයෝ චෝදනා කරති. ඔවුන්ට 1972 ජනරජ ව්යවස්තාවෙන් ද 1978 ආණ්ඩුක්රම ව්යවස්තාවෙන් ද රැකවරණයක් නැති බව පැහැදිලිය. එබඳු පසුබිමක අපරාධ නීතියකට කළ හැක්කේ කුමක් ද ?
වෙල්ලාල ප්රභූන් හා පීඩිත කුල පුදුමයකට මෙන් පසු ගිය සැප්තැම්බර් 22 වෙනිදා සිට මේ ‘වෙල්ලාල කුලවාදීන්ගේ ප්රහාර’ නලවර් හා කල්ලාර් කුල පීඩිතයන්ට එල්ල කෙරෙමින් තිබෙන්නේ යාපනයේ වට්ටුක්කොට්ටෙයි [වඩුකොඩ්ඩෙයි] ප්රදේශයේ ය; අරසඩි, පොන්නාලෙයි, තුනයිව්, කොඩ්ඩෙයිකාඩු හා මුනාලි ගම්මාන වලදි ය.”කොටින්ගේ පිපාසය දෙමළ ඊළාම් මව්බිමයි” බැනරයෙන් 30 අවුරුදක් පුරා ඊළාම් යුද්ධ හතරක් දියත් වූ ලක්ෂ ගණනාවකට මරු කැඳ වූ බිලියන සිය ගනනක දේපොල විනාශ කෙරුණු සිවිල් යුද්ධයක් නිමවී වසර 11 ගෙවෙන තැන උතුරේ පවතින මේ ඊළාම්වාදී කුල ක්රමය කුලවත්, ධනවත් හා උගත් දෙමළ නායකයන් ලජ්ජාව වසා ගැනීමට ලෝකයට වාර්තා කළේ මේ ආකාරයට ය.
“වඩ්ඩුකෝඩ්ඩෙයි ප්රදේශයේ පාසල් තුළ තම දරුවන්ට වෙනස් කොට සැලකීමට ලක්වන බවට මෙම ප්රජාවන්ගේ දෙමාපියන් මැසිවිලි නඟති. පූජනීය ස්ථානවල පවා ප්රජාව ආන්තිකකරණයට හා බැහැර කිරීම්වලට මුහුණ දෙයි. වඩ්ඩුකෝඩ්ඩෙයි ප්රදේශයේ ක්රියාත්මක වන ආගමික හා සමාජීය සංවිධාන කුලය අනුව සංවිධානය වී ඇත. එදිනෙදා ජීවිතයේදී, මෙම ප්රදේශයේ ආන්තික ජනතාව අධිපති කුල කණ්ඩායම්වල කුලය මත පදනම් වූ අපවාදවලට මුහුණ දෙති.
වඩ්ඩුකෝඩ්ඩේ පීඩිත ප්රජාවන් දරිද්රතාවයෙන් පීඩාවට පත්ව සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දෛනික කුලී කම්කරුවන් ලෙස සේවය කරති. ඔවුන්ගෙන් සමහරෙකුට වාසයට සුදුසු හෝ වගා කළ හැකි ඉඩම් නොමැත. මෙම සමහර පවුල්වල දරුවන්ට දුප්පත්කම නිසා පාසල් හැර යාමට සිදුවී ඇත. මෙම ප්රජාව දශක ගණනාවක් තිස්සේ අධ්යාපනය සහ ආර්ථික සංවර්ධනය, ප්රවාහනය සහ යටිතල පහසුකම් සහ සංස්කෘතික වශයෙන් පද්ධතිමය වශයෙන් කොන් කිරීමට මුහුණ දී ඇත.”
ඉහත උපුටනය අපි සොයා ගත්තේ මේ සතියේ මුල, සහජීවනය සඳහා වූ යාපනය ජනතා සංසදය නිකුත් කළ නිවේදනයෙන් ය. එම සංසදය වෙනුවෙන් සැමුවෙල් පොන්නයියා පියතුමා, අකල්යා ෆ්රැන්සිස් ග්ලෙයින් අහිලන් කදිරගාමර්, එම්.ඒ. එම්. එෆ්. සිරියානා, සබා තනුජන්, සුමති සිවමෝහන්, මහේන්ද්රන් තිරුවරන්ගන්, සහ රාජනී රාජෙස්වරී අත්සන් තබා තිබුනේ ය. ලංකාවේ පවතින දෙමළ කුලවාදය තරම කෙනෙකුට තේරුම් ගැනීමට මේ නිවේදනයම උපකාර කරමින් සිටී.
“ හින්දු ප්රභූ කුලවාදියා බෞද්ධ ප්රභූ කුලවාදියා මෙන් නොවේ. සෙසු කුල වැසියා නිවසට වැද්දා ගන්නේ නැත. ඔහුට වතුර පොදක්වත් දෙන්නේවත් නැත. අඩුම තරමින් ප්රභූ ලිඳෙන් වතුර ගන්නවත් අවසර නැත. කුල පීඩිතයාට දෙවියන් යැදීමට කෝවිලට ඇතුල්විමට අවසර නැත. පීඩිත කුලයේ දරුවාට පාසලේ දී සම අසුන් ගැනීම තහනම් ය.
කුල පිඩිතයා අමතන්නේ ඔහුගේ නමින් නොව කුල නාමයෙන් ය. එහෙත් යාපනයේ වෙල්ලාල කුලවතුන් නියෝජනය කදිරගාමර්ලා, රාජරත්නම්ලා, තිරුවරන්ගන්ලා අත්සන් තබා ඇති මේ “යාපන සහජිවන සංසදයේ නිවේදනයේ බැරෑරුම් වචන තුල හින්දු කුලවාදියාගේ මානව විරෝධය සඟවා ඇත. එය හරියටම ආගන්තුකයන්ට නොපෙනෙන්නට ගෙයි කුණු තල් වට්ටියෙන් වසා දැමීමේ හින්දු චාරිත්රය හොඳින්ම අනුගමනය කිරීමකි. මෙය පාර්ලිමේන්තුව නියෝජනය කරන කුලවත් දෙමළ දේශපාලකයෝ ද මේ පිළිවෙත අකුරටම පිලිපදිති.
වට්ටුක්කෝට්ටෙයි හා දෙමළ සංස්කෘතිය
එකම බසක් කතා කරන, එකම දෙවියන් අදහන, එකම බිමක ජීවත්වෙන සහෝදර ජනයාට වෙනස්කම් කිරීම වට්ටුක්කෝට්ටෙයි නගරයෙන් අසන්න ලැබීම බරපතල දේශපාලන සරදමකි. යුරෝපීය වර්ගයේ යුනිවර්සිටි කොලීජියක් මුලින්ම ආසියාවේ ආරම්භ වෙන්නේ මේ වට්ටුක්කෝට්ටෙයි නගරයේ ය.
මඩකලපු හෙවත් බැටිකලෝ සෙමනරි නමින් 1823 මේ විශ්වවිද්යාල කොලිජිය ආරම්භ කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නව එංගලන්ත ප්රදේශයෙන් පැමිණෙන මිෂනාරීවරුන් ය. ප්රකට යාපන කොලිජිය මෙන්ම වට්ටු මධ්ය මහා විද්යාලය ද ඇත්තේ මේ නගරයේ ය. බහුතරයක් හින්දු දෙමළ ජනයා ජීවත්වෙන මෙහි කිතුනුවන් සිටින්නේ අතලොස්සකි.
කිතුණු නිකායක් වූ දකුණු ඉංදීය ක්රිස්තියානි සභාවේ යාපන මූලස්තානය පිහිටා තිබෙන්නේ ද මේ නගරයේ මය. වෙල්ලාල කුලවතුන් පාලනය කරන සංගරාතායි අම්මාන් කෝවිල, අදයිකලාම්, තෝට්ටම හා පන්ගුරු මුරුගන් කෝවිල් පිහිටා ඇත්තේ ද වට්ටුක්කෝට්ටෙයි නගරයේ ය. ප්රොතෙස්තන්ත්ර මිෂනාරීවරුන් ලංකාවේ පිහිටවූ ආගමික මධ්යස්ථාන වලින් එකක් පිහිටුවා ඇත්තේත් මෙහිම ය.
ඊළම්වාදය හා කුල සාධකය
මේ නගරයේ දේශපාලන ඉතිහාසය මීට නොදෙවෙනිය. 1972 මැයි 22 දා සමගි පෙරමුණ ශ්රී ලංකා සමාජවාදී ප්රජාත්න්ත්රවාදී ජනරජය පිහිටිවිමට දින 18කට පෙරය. ජී.ජී. පොන්නම්බලම්ගේ සමස්ත ලංකා ද්රවිඩ කොන්ග්රසය, එස්. වී. ජේ චෙල්වනායගම්ගේ ඉලන්ගෙයි තමිල් අරසු කච්චි හෙවත් පෙඩරල් පක්ෂය, සෞම්යමූර්ති තොන්ඩමාන්ගේ ලංකා කම්කරු කොන්ග්රසය එකාබද්ධ කරමින් 1972 මැයි හතරවෙනිදා දෙමළ එක්සත් පෙරමුණ පිහිටුවා ගත් පසු එහි දේශපාලන බලපෑම මුලින්ම දකින්නට ලැබුනේ වට්ටුක්කෝට්ටෙයි ප්රදේශයෙන් ය. යාපනයේ සිටි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූ යාපන නගරාධිපති ඇල්ෆ්රඩ් දොරෙයිඅප්පා, 1975 ජූලි 27 වෙනිදා වෙඩිතබා ඝාතනය කෙරෙන්නේ වට්ටුක්කෝට්ටෙයි පොන්නාලෙයි ග්රාමයේ පිහිටි ක්රිෂණ කෝවිල ඉදිරිපිට දීය.
වට්ටුක්කෝට්ටෙයි දේශපාලනයේ දෙවැනි ඉනිම ඇරඹෙන්නේ 1976 මැයි 14 වෙනිදා දෙමළ එකසත් පෙරමුණ මේ නගරයේ පැවැත් වූ සම්මේලනයේ දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නමින් වෙනස් වූයේ ය. වට්ටුක්කෝට්ටෙයි යෝජනාව හෙවත් ‘ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් නිදහස්, සවාධින, අනාගමික හා සමාජවාදී ඊළාම් රාජ්යයක් පිහිටුවිමේ යෝජනාව සම්මත වූයේ ය.
එම යෝජනාව ඉදිරිපත් කලේ බ්රිතාන්ය මලයාවේ උපන් ඇන්ග්ලිකානු කිතුනුවෙකු වූ සැමුවෙල් ජේම්ස් වෙලුප්පිල්ලෙයි චෙල්වනායගම් ය. අදටත් මේ යෝජනාව ගෙනා චෙල්වනායගම් ඊළාම්වාදින් හඳුන්වන්නේ ‘තන්තායි චෙල්වා හෙවත් පීතෘ චෙල්වා’ යන නාමයෙන් ය. නොබෝ කලකින් 30 අවුරුදු ඊළාම් යුද්ධය මුල පිරෙද්දී එහි නායකයන් බවට පත් වූයේ වට්ටුක්කෝට්ටෙයි දේශපාලනයේ සිටි තරුණ අනුගාමිකයන් ය.
තොන්ඩමන් හා කුල පීඩිතයෝ
දෙමළ එක්සත් පෙරමුණේ ප්රධාන නායකයන් අතරේ සිටි එකම වෙල්ලාල කුලවතා නොවන්නා කඳුකරයේ වතුකම්කරුවන්ගේ විරයා වූ සෞම්ය මූර්ති තොන්ඩමාන් ය. ඔහු පීඩිත කල්ලාර් කුලවතෙකි. තොන්ඩමාන් මෙන්ම පසු කලෙක ඊළාම් සන්නද්ධ අරගලයට එකතු වූ තරුණ අනුගාමිකයෝ වැඩි දෙනෙක් දෙමළ එකසත් විමුක්ති පෙරමුණේ සෙසු නායකයන් මෙන් වෙල්ලාල කුලවතුන් නොවුහ. එහි කැපී පෙනෙන නායකයා වූ වෙලුප්පිල්ලෙයි ප්රභාකරන කරයර් හෙවත් දෙමළ කරාව කුලවතෙකි. ඔහුගේ ඊලාම් කොටි හමුදාවේ මෙන්ම සෙසු ඊළාම් විමුක්ති හමුදාවල සිටි පාලිතයෝ බහුතරය උතුරු නැගෙනහිර පීඩිත කුලවලින් පැමිණියෝ වූහ. කුල වෙනස්කම් ඊළාම් රාජ්යයේ දී නතර වෙතැයි සිතා ඔවුහු දෙමළ විමුක්ති අරගලයට එකතු වී සිටියහ.
ඔවුන්ට අත් වූයේ ඉංදීය නිදහස් අරගලයට එකතු වූ ඉංදිය කුල පීඩිතයන්ගේ ඉරනම ම ය. නිදහසෙන් පසු කුලවත්තු බලය සියතට ගත්හ. යාපනයේ දී වෙල්ලාල කුලවත්තු බහුතරයක් ඊළාම් රාජ්ය සඳහා සන්නද්ධ අරගලය පැතිරෙද්දී දේශපාලන අනාථයන් හැටියට යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට සංක්රමණය වූහ. ඔවුන් ඊළාම් සිහිනය එළි දැක්වීමට මේ පීඩිතයන්ට මාසිකව ඩොලර් සොච්චමක් එවා ‘ගොඩ සිට ඔරුව පෙරළිමට’ මාන බැලූහ. ඊළාම් සිහිනය අවසන් වෙද්දී උතුරේ කුල පීඩිත තරුණයෝ ක්රම දෙකකින් වඳ කෙරුණාහ. ඉන් පලමුවැන්න වූයේ “සහෝදරයන් අතරේ ඊළම් ඔටුන්න වෙනුවෙන් පැවති සටනෙන් මිය යාමය. දෙවැන්න ලංකා රජයේ හමුදා සමග සටන් කර මිය යාමය. කෙසේ වෙතත් උතුරේ දී දිවි රැකගත් කුල පීඩිතයන්ට දැන් සවකීය සංස්කෘතික යථාර්තයට මුහුණ දීමට සිදු වී තිබේ. ඒ කුලය මත සිදුවන ප්රචන්ඩත්වයට මුහුණ දීම ය.
දෙමළ කුලය හා සිංහල කුලය
එකම රටක දෙ බසක් කතා කරන ජනයාගේ කුලවාදය අදවන විට පවතින්නේ යුග දෙකකය. ඉංදියානු සංක්රමණිකයන් සමඝ මේ රටට කඩා පාත් වූ හින්දු කුලවාදය සිංහලයන් අතරේ දැන් පවතින්නේ කසාදය හා චන්දයේ දී පමණි. එය ආයතන ගතව පවතින්නේ බෞද්ධ විහාරාරාම හා භික්ෂු නිකාය බෙදීමතුල පමණි. දැන් සිංහලයන් අතරේ කුල යුද්ධ හා ගැටුම් නැති තරම් ය. එහෙත් දෙමළ ජනයා අතරේ පවතින කුල වෙනස්කම් බරපතල බව අපට වට්ටුක්කෝට්ටෙයි කුල ගැටුම සහතික කරයි. සිංහලයන් අතරේ කුල අවමානය නීතියෙන් තහනම් කරන තෙක් ගමන් කලේය. එය කුලවාදය එරෙහි සටනේ සිහිවටනයකි.
කලකට පෙර සිංහල භූමි පුත්ර පක්ෂයේ නිර්මාතෲ, අධිනීතීඥ හරිස්චන්ද්ර විජේතුංග සවකීය සිංහල ශබ්ද කෝෂය සම්පාදනය කරද්දී “දුරාව” යන වචනය නිර්වචනය කලේ “රා මදින්නෝ” යන අර්ථය සහිතවය. මීට එරෙහිව දුරාව වංශිකයෝ නඩුවක් පැවරූහ. මේ නඩුව නිසා අධිනීතීඥ විජේතුංගට සවකීය ශබ්ද කෝෂය වසර ගණනාවක් වෙළඳ පොලට එවිමට නොහැකි විය. නඩුව අවසානයේ මේ නිර්වචනය ‘විජේතුංග ශබ්ද කෝෂයෙන් මකා දැමීමට සිදු වුනේ ය. දැන් අපට වඩුකොඩ්ඩේයි ගම්මාන වලදී හමුවන්නේ දෙමළ දුරාව කුලය හෙවත් නලවර් කුලයයි. දකුණේ දුරාව කුලය විඳින නවීන මානව අයිතීන් තවමත් දෙමළ නලවර් හෙවත් දුරාව කුලයට හිමිවි නැත. නුතන බටහිටර අධ්යාපනය මුලින්ම පිහිටවුණු උතුරේ මේ තත්වය පැවතීමට කනගාටුදායක තත්වයකි.
හින්දු කුලය හා බෞද්ධ කුලය
යාපනයේ හින්දු කුලවාදයට විරුද්ධව ක්රියාකාරී දේශපාලන ඉදිරිදැක්මක් තිබුනේ එන්. ෂන්මුගදාසන් ට පමණි. “ෂන්” හෝ “සනා” නමින් සමකාලීනයන් අතර ප්රකට වූ ෂන්මුගදාසන් කොමියුන්ස්ට් පක්ෂයෙන් දේශපාලනය පිවිසී පසුව කොමියුනිස්ට් පක්ෂය [පීකිං] හැටියට වෙන්වී ගියේ ය. යාපනයේ කුලත් වෙල්ලාලයෙකු වු ෂන්මුගදාසන් මීට දශක 5 -6 කට උඩදී කුලවතුන් ගේ කෝවිල්වලට කුඩ පීඩිතයන් සමඟ ඇතුල් වුනේ ය. කුලවාදයට විරුද්ධව යාපනයේ සාහිත්යක් ඇති වූයේ මේ දේශපාලන පාක්ෂිකත්වයෙන් ය. එහි බලවත්ම ප්රකාශකයා වූයේ ඇන්තනී ජිවා ය.
යාපනයේ කුලවාදය ගැන ධර්මසේන පතිරාජ 70 දශකයේ දී ‘පොන්මනී’ චිත්රපටය නිර්මාණය කළේ ය. ඔහුට ඒ සඳහා සහාය වූ යේ යාපනයේ සිටි කුල විරෝධී දෙමළ බුද්ධිමතුන් ය. අවාසනාවට ‘පොන්මනී’ ප්රදර්ශණය ආරම්භ වූ විට දෙමළ චිත්රපට ප්රදර්ශණය කල කුලවත් දෙමළ සිනමාහල්හිමියෝ උතුරේ දිත් කොළඹ දීත් එහි දර්ශණවාර කඩාකප්පල් කළහ. එම චිත්රපටයේ සහාය අධ්යක්ෂවරයා වූ ඩබ්ලිව්. ජයසිරි පවසන ආකාරයට ‘පොන්මනී’ දර්ශණවාරයක් ඇරඹීමට පෙර සිනමාහල ඉදිරියේ ‘හවුස් ෆුල්’ හෙවත් ප්රවේශපත්ර විකීනී අවසන් ය යන දැන්වීම දැමිමට මේ සිනමාහල් හිමියෝ පුරුදු වී සිටියහ.
සිංහල බුදු දහම අමතක කරන ‘වසල සුත්රය’ සංස්කෘතික දේශපාලනයේ අගනා සිහිවටනයකි; සංධිස්ථානයකි. බමුණු කුලවාදයට එරෙහිව ඉංදියාව තුල නැඟුණු බලවත්ම ශක්තිමත්ම මතය ඉදිරිපත් වූයේ වසල සුත්රයෙන් ය. එහි ඉගැන්වීම නුතන මානව අයීතින්ට ඉතාම ලඟින් සිටී.” මිනිසෙකුගේ උසස්බව හෝ පහත්බව තීරණය වන්නේ ඔහු උපන් කුලයෙන් නොව ක්රියාවෙන් බව” උගන්වන මුල් කාලින බෞද්ධ ඉගැන්විම අදටත් සිංහල බෞද්ධයන්ට තබා සිංහල භික්ෂුන්ටවත් දරා ගැනීමට නොහැකි බව පැහැදිලිය. එය යාපනයේ වට්ටුක්කෝට්ටෙයි කුල සටනට ගැට ගැසෙන්නේ කෙසේ ද?
මේසා නවින ඉගැන්විම් වලින් පිටුබලයක් ලබන සිංහලයා තමාගෙ උරුමය කිසිම දිනක උතුරේ වෙසෙන කුල පීඩිත දෙමළා අතරට ගෙන යන්නට වෑයම් කලේ නැත. අනගාරික ධර්මපාලයන්ගේ පටන් මේ දක්වා පවතින බෞද්ධ පුනර්ජීවනය බුදු දහම මුහුදෙන් එතෙර සිටින සුද්දන්ට උගන්වන්න වෙහෙසුනා මිස කඳුකරයේ හා උතුරු නැගෙනහිර වෙසෙන කුල පීඩිතයන් අතර ගෙන යන්නට වෑයම් නොකලේය. ඔවුන්ට බෞද්ධ සමාමාත්මතාව ඉගැන්වීමට හා පුරුදු කිරීමට උත්සාහ නොකලේය. එහි ශෝකජනක ඉරනමට මේ දෙමළ කුල පීඩිතයෝ අදටත් මුහුන දෙමින් සිටිති.
එහි අවසානය කෙතරම් ඛේදවාචකයක් දැයි දැනෙන්නේ අදවනවිට දෙමළ ජනයාට නායකත්වය දෙන දෙමළ කුලවාදින් දෙස බලද්දීය. සමස්ත ලංකා දෙමල කොන්ග්රසයේ නිර්මාතෲ ජී.ජි. පොන්නම්බලම් ය. බලවත් දෙමළ වෙල්ලාල කුලවාදියෙකු වූ ඔහුගේ මරණින් පසු එහි නායකත්වය ගත්තේ ඔහුගේ පුත්රයා වූ කුමාර් පොන්නම් බලම් ය.
අද යාපනයේ තරුණ දේශපාලනයේ නායකයා වී සිටින්නේ ජී.ජී. පොන්නම්බලම්ගේ මුණුපුරා හා කුමාර් පොන්නම්බලම්ගේ පුත්රයා වූ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් ය. තමාවෙනුවෙන් යාපන වලව්වේ ඉදෙන ආහාරවල ඉතිරිය කුල පීඩිත මෙහෙකරුවන්ට නොදී වලලා දමන වර්ගයේ කුලවාදුයෙකු යාපනයේ අනාගත දේශපාලන නායකයා වීමෙන් ලංකාවේ දෙමල ජනයා ගේ අනාගත දේශපාලන ඉරණම කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකිවෙයි. එයම අනාගත දේශපාලන අනතුරක සේයාවන් පහළ කරමින් සිටී.
නන්දන වීරරත්න
විශේෂ සහාය; පී. මුතුලිංගම්, එස්. කේ. සෙන්දිවේල් සහ ශ්රීදේවි නල්ලයියා.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන් (Nandana Weerarathne)

Similar Posts