charith asalanka jurassic world starlink internet sri lanka baba vanga cricinfo icc

සෞඛ්‍ය­යට වඩාත් සුව­දායි කිතුල් පැණි, කිතුල් හකුරු සඳහා ශ්‍රී ලංකාව ඉතාම ඈත ඉති­හා­ස­ය­කට හිමි­කම් කියයි. කිතුල් ගසක රා මැදීම ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවූ­වද වර්ත­මා­නය දක්වාම එම කර්මා­න්තයේ යෙදෙන ගොවියෝ සිටිති. කිතුල් කර්මා­න්තය කිතුල් ගසත් සමඟ පව­ති­න්නක් නිසා සහ එම කර්මා­න්තය වැඩි­දි­යුණු කිරී­මට වග­කි­ව­යු­ත්තන් උල්ප­න්දම් නොදීම නිසාත් කර්මා­න්තය කඩා­වැටී තිබේ. මේ නිසා කිතුල් සඳහා වෙළෙ­ඳ­පොළේ ඉහළ ඉල්ලු­මක් පවතී.

කිතුල් ගසෙන් ලැබෙන සාර­යෙන් කිතුල් හකුරු සහ කිතුල් පැණි­ව­ලට අම­ත­රව කිතු­ල්ව­ලින් විවිධ ආහාර නිෂ්පා­දන රාශි­යක් සකසා වෙළෙ­ඳ­පො­ළට සප­යන ලහිරු දිල්ෂාන්ගේ විස්කම් පිළි­බඳ තොර­තු­රුයි.

කිතුල් ගසෙන් පිරි­සි­දුව ලබා­ගත් කිතුල් රාව­ලින් විවිධ නිෂ්පා­දන කළ හැකියි. කිතුල් බටර්, කිතුල් ස්ප්‍රෙඩ්, පිටි, හකුරු, පැණි, කේක්, කිතුල් පැණි කහට, කිතුල් අයිස් කෝපි, කිතුල් පැණි බීම, කිතුල් පැහි යෙදූ ආප්ප වගේ ආහාර වර්ග ගණ­නා­වක් නිෂ්පා­ද­නය කිරී­මට අපේ ‘ඔන්ලි කිතුල්’ ආය­ත­න­යට හැකි­වෙලා තිබෙ­නවා. ඒ සඳහා සපු­රා­ලිය නොහැකි ඉහළ ඉල්ලු­මක් තිබෙ­නවා.

කිතුල් මලේ මුල, මැද සහ අග තළා ගන්නා රාව­ලින් විවිධ රස මතු­වෙ­නවා. ඒව­ගේම අද කෙනෙක් එකම වර්ග­යක, එකම නිෂ්පා­ද­න­යක කිතුල් හකුරු කෑවොත් ඒ රසය ඊළඟ වතාවේ ඒ තැනින්ම විඳි­න්නට ලැබෙන්නේ නැහැ. මොකද කිතුල් ගහෙන් ගහට, මලෙන් මලට සහ මලේ තැළුම අනුව එහි රස වෙන­ස්විය හැකියි. ඒව­ගේම කාලය අනුව උදා­හ­ර­ණ­ය­කට වැසි කාල­යෙද පද­ම්ක­රන විදිය අනු­වත් රස වෙනස් වෙනවා. ගස­කින් ලැබෙන ස්වභා­වික දෙයක් නිසා රස වෙනස් වෙනවා. ඒත් එකම රසය ලැබෙන පරිදි හකුරු සහ පැණි නිෂ්පා­ද­නය කිරී­මට අපි වැඩි­දි­යුණු කර­ගෙන තිබෙ­නවා. ඒ නිසා අපේ නිෂ්පා­ද­න­වල රසය එකම රස­ය­කින් තිබෙ­නවා. අපේ නිෂ්පා­ද­නය තුළ රස වර්ග (ෆ්ලේවර්) හත­රක පැණිත්, රස වර්ග 8ක හකු­රුත් තිබෙ­නවා. බටර් එක රස වෙනස් නොවී තැබීම සඳහා අධි ශීත­ක­ර­ණයේ තබා ආහා­ර­යට ගැනී­මට සිදු වෙනවා. ඒත් පෙපර්, සින­මන් සහ කිතුල ලෙස රස තුන­කින් යුක්ත ස්පේඩ් එකක් තිබෙ­නවා. ඒවා බටර් වගේම යොදා­ගත හැකියි නමුත් බටර් එකේ වගේ කිරි අඩංගු වන්නේ නැහැ.

අපි ගොවීන්ට උදව් උප­කාර කර­මින් අපේ ව්‍යාපා­ර­යට ඔවුන්ගේ සහාය ලබා­ග­න්නවා. අපිට සැප­යුම් කරන කිතුල් ගොවි­ම­හ­තෙක් මාස­ය­කට ලක්ෂ 3-4ක් උප­යා­ග­න්නවා. 

ව්‍යාපා­රය ආරම්භ කළේ 2018දීයි. ඊට කලින් මම විවිධ නිෂ්පා­ද­න­වල යෙදුනා. මම කුරු­විට, මගේ ගම් පළාතේ කිතුල් කර්මා­න්ත­යට හරිම ප්‍රච­ලි­තයි. කිතුල් ගොවීන් වගේම කිතු­ල්ව­ලින් විවිධ ආහාර නිප­ද­වන අය ගමේ හිටියා. මගේ අම්මාගේ මහ ගෙද­රත් කිතු­ල්ව­ලින් නිෂ්පා­දන කළා. ඉතින් කිතු­ල්ව­ලින් මේ වගේ ව්‍යාපා­ර­යක් ආරම්භ කරන්න ඒක එක් හේතු­වක් වුණා. මම කිතුල් නිෂ්පා­දන පිළි­බඳ පාඨ­මා­ලා­වක් හැදෑ­රුවා. ඒ නිසා රස­වත්, ගුණා­ත්මක බවින් වැඩි නිෂ්පා­ද­න­යට හැකි­යාව ලැබුණා. ව්‍යාපා­රය කර­ගෙන යන අත­රේදී 2020 පාස්කු ප්‍රහා­ර­යත්, 2021 කොවිඩ් වසං­ග­ත­යත් සහ ඊට පසුව ඇති වුණු ආර්ථික අර්බු­ධ­ය­ටත් මට මුහුණ දෙන්නට සිදු වුණා. ඒත් මම කුරු­විට මගේ නිෂ්පා­දන ආය­ත­න­යට අම­ත­රව 2024දී කොට්ටාව කිතුල් අලෙ­වි­සල සහ ආප­ණ­ශා­ලාව විවෘත කළා.

දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංව­ර්ධන අංශය අපිට අවශ්‍ය දැනුම ලබා­දුන්නා. වාණිජ මණ්ඩ­ලය අවස්ථා දෙක­කදී අපිව ඇගැ­යී­මට ලක්ක­ර­මින් 2022දී ලෝකඩ සම්මා­න­යක් හා 2024දී සම්මාන ලබා­දුන්නා. ලංකා කාර්මික මණ්ඩ­ලය, කුරු­විට ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය වගේ රජයේ ආය­තන අපිට දැනුම සහා­යෝ­ගය ලබා දීලා තිබෙ­නවා.

මේ කර්මා­න්තය මතු­ප­ර­පු­ර­ටත් ලබා­දී­මට මම අපේක්ෂා කර­නවා. ඒත් ඒ සඳහා තිබෙන විශා­ලම අභි­යෝ­ගය වන්නේ නිෂ්පා­දන සඳහා අවශ්‍ය අමු­ද්‍ර­ව්‍ය­වල පව­තින හිඟ­යයි. අපෙන් ඉල්ලන තර­මට අපිට සැපැ­යුම් කිරී­මට නොහැ­කියි. අපි කිලෝ­ග්‍රෑම් 10කට අඩු ඇණ­වුම් සඳහා පම­ණයි සැප­යීම කරන්නේ. ඒකට ප්‍රධා­නම හේතුව ගුණා­ත්මක තත්ත්ව­යෙන් උසස් නිෂ්පා­දන ලබා­දීම සඳහා අවශ්‍ය කිතුල් සාරය අපිට සොයා­ගත නොහැකි වෙලා තිබී­මයි. ඒව­ගේම ගොවීන්ගේ හිඟ­යයි. ඉස්සර වගේ කිතුල් ගොවීන් දැන් නැහැ. ඒ අයට හරි මිලක් නොලැ­බීම සහ නිෂ්පා­දන අලෙවි කර ගන්න තිබුණු නොහැ­කි­යාව නිසා කර්මා­න්තය අත­හැ­ර­දාලා. ඒව­ගේම කිතුල් ගස් වඳවේ ගන යනවා. 2009දී අව­සන් වරට සිදු කළ සමී­ක්ෂ­ණ­යට අනුව කිතුල් ගස් ලක්ෂ 32ක් තිබු­ණත්, අද වන විට එම ප්‍රමා­ණය තවත් අඩුවී ඇති. එම ප්‍රමා­ණ­යෙන් ලක්ෂ හය­හ­මා­ර­කට ආසන්න ගස් ප්‍රමා­ණ­යක් රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ තිබෙ­නවා. අලින්ට කන්න දෙන්න ගස් කප­නවා, ඒව­ගේම අලි කිතුල් ගස් විනාශ කර­නවා. පොඩි පැළ මට්ටමේ ඒවා ඉත්තෑ­වන් කනවා. මේ නිසා සැල­කිය යුතු කිතුල් ගහ­න­යක් විනා­ශ­වී­ගෙන යනවා.

දැනට තිබෙන ගස් එක්ක බැලු­වොත්, උප­රි­මය ලෙස නිෂ්පා­ද­නය සඳහා තවත් අවු­රුදු 10-15 අතර කාල­ය­කට කිතුල් ගස් තිබෙ­නවා. ඒ නිසා අපි කිතුල් ගස් සිටු­වී­මට ව්‍යාපෘ­ති­යක් කර­ගෙන යනවා. ඒ සඳහා රජයේ සහා­යෝ­ග­යත් බලා­පො­රොත්තු වෙනවා.

අපි මේ අභි­යෝ­ග­යට මුහු­ණ­දිය යුතුයි. අපි ගොවීන්ට උදව් උප­කාර කර­මින් අපේ ව්‍යාපා­ර­යට ඔවුන්ගේ සහාය ලබා­ග­න්නවා. අපිට සැප­යුම් කරන කිතුල් ගොවි­ම­හ­තෙක් මාස­ය­කට ලක්ෂ 3-4ක් උප­යා­ග­න්නවා. ඒත් එම නිෂ්පා­ද­නය ගුණා­ත්මක විය යුතුයි.

දැනට තිබෙන ගස් එක්ක බැලු­වොත්, උප­රි­මය ලෙස නිෂ්පා­ද­නය සඳහා තවත් අවු­රුදු 10-15 අතර කාල­ය­කට කිතුල් ගස් තිබෙ­නවා. ඒ නිසා අපි කිතුල් ගස් සිටු­වී­මට ව්‍යාපෘ­ති­යක් කර­ගෙන යනවා. ඒ සඳහා රජයේ සහා­යෝ­ග­යත් බලා­පො­රොත්තු වෙනවා.

මේ ව්‍යාපා­රය සංචා­ර­ක­යන් අතර ජන­ප්‍රි­ය­වේ­ගෙන එනවා. අපි ගුණා­ත්මක බවින් ඉහ­ළම නිෂ්පා­ද­න­යන් කරන නිසා ඉල්ලුම සපු­රා­ගත නොහැකි තර­මින් තිබෙ­නවා. ඒත් එම අභි­යෝ­ග­යන්ට මුහුණ දෙමින් විවිධ ක්‍රමෝ­පා­ය­වල යෙදෙ­නවා. ඒව­ගේම ඉදි­රි­යේදී තවත් ශාඛා­වක් ආරම්භ කිරී­මට නිය­මි­තයි.

ඉරෝෂා දීපානි

dinamina

More Stories