Similar Posts
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි නායක අමෙරිකානු ප්‍රහාරයකින් මරුට
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායක කාසිම් අල් රිමී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බව සදහන් වෙයි. හිටපු නායකයා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් අනතුරුව කාසිම් අල් රිමී 2015 වර්ෂයේ සිට අල් කයිඩා සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායකයා ලෙස කටයුතු කර තිබේ. ත්‍රස්ත ප්‍රහාර රැසකට කාසිම් අල් රිමී සම්බන්ධ බව වාර්තා වෙයි.
පූතින්ට වරමක්
රුසියාවේ ජනාධිපති පූතින් ට අධිකරණ මුක්තිය පිරිනැමෙන නව පනතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහාය හිමි වී තිබේ. මෙම පනතට අනුව, පූතින්ගේ ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසුව ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට කිසිවෙකුට නොහැකි වනු ඇත. මෙම පනත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පවෙල් ක්‍රශේනින්නිකොෆ් කියා සිටියේ ජනාධිපතිවරයාට මුක්තිය පිළිබඳව…
ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය ද….?
ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. මෙම මාසයේ දි ඉන්දුනීසියාවේ දෛනික COVID-19 ආසාදිත සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉහළ ගිය අතර දෛනික මරණ සංඛ්‍යාව අනුව බ්‍රසීලය අභිබවා තිබුණි. ඉකුත් සඳුදා ඉන්දුනීසියාවේ COVID-19 මරණ 1,338 ක් වාර්තා විය. මේ වන විට ඉන්දුනීසියාවේ තහවුරු කරන ලද COVID-19 මරණ සංඛ්‍යාව 73,000 ඉක්මවයි. මේ වන විට එරට දෛනික…
ඔස්ට්‍රේලියාවත් ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනියි
චීන සමාගමකට අයත් ටික්ටොක් ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ද තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ රටවල් කිහිපයක් මේවනවිටත් ටික්ටොක් තහනම් කර ඇති පසුබිමක් තුළයි. කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන් රාජකාරියේදී භාවිත කරන ජංගම දුරකතනවල ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට බව වාර්තා වෙයි. එම තහනම මෙම සතියේ සිටම ක්‍රියාත්මක වනු ඇති…
ජපානයේ යුද අභ්‍යාසක්
චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය. ජපානයට අයත් එහෙත් තරමක් ඈතින් පිහිටි දූපත්වලට චීන සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස පවත්වා තිබිණි. මෙම යුද අභ්‍යාසයට යුද භටයන් 3,100 ට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර යුද ටැංකි සහ සන්නද්ධ රථ 45ක්, කාලතුවක්කු 54ක් භාවිත කර…