උවිදු විජේවීර ‘දෙවන පරපුර’ ලියාපදිංචි කරයි

uvidu

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ.

එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත.
ඔහුගේ පක්ෂය  ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.

Related posts