දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි වාසි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 54 ක් රැස් කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 03 ක් දැවී ලකුණු 704 ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 245 ක්, නිශාන් මධුෂ්ක ලකුණු 205 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 100 ක්.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 493 ක් රැස් කරන ලදි.

Related posts