ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “ද වයර්” සහ “ජෝන් වික්” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මියගොස් ඇත.

“John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වැනි දිනට දින කිහිපයකට මත්තෙන් සිය ජීවිතයට සමු දීම පිළිබඳ කලා ලෝකයේ දැඩි ශෝකයක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඔහුගේ මරණයේ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් TMZ වෙබ් අඩවිය පවසන්නේ රෙඩික් ලොස් ඇන්ජලීස් හි ස්ටුඩියෝ සිටි දිස්ත්‍රික්කයේ පිහිටි ඔහුගේ නිවසේ තම අවසන් සුසුම් හෙලූ බවයි.

Similar Posts