sinhala news24

යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇඟළුම් සියයට 20කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි නව වෙළෙඳපොළ වෙත පිවිසීම අවශ්‍ය හෙයින් එම රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යොමිවිය යුතු බවද ඒ මහතා පවසයි.

මෙරට ඇතැම් ඇඟළුම් කම්හල් පිරිවැය පාලනය කර ගැනීම සඳහා සේවකයන් වෙනත් කර්මාන්ත ශාලාවලට මාරු කිරීම ධාරිතාවය පාලනය කිරීම වැනි ක්‍රියමාර්ග ගෙන ඇතත් ලංකාව අතහැර යාමට තීරණය කර නැතැයි ද ඔහු පවසයි.

 

sinhala news24

Similar Posts