ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි. කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ.

මෙම Lanka IOC ඉන්ධන පිරවුම්හල නවතම තාක්ෂණික අංග රැසකින් සමන්විත ය. විශේෂයෙන්ම නව පෙරළිකාරී තාක්ෂණයක් වන, ගනුදෙනුවල කාර්යක්ෂමතාව ඉහළ නංවන NPND (No Print, No Delivery) ක්‍රමවේදයද මෙහි භාවිතා වේ. මෙම ක්‍රමවේදය යටතේ කිසියම් පාරිභෝගිකයෙකු වෙත සේවාවන් සපයනු ලබන්නේ පෙර පාරිභෝගිකයාට හිමි විය යුතු ලදු පත ඔහු හෝ ඇය වෙත ලැබුණු පසුව පමණි.

ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, Access සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා සහ Lanka IOC PLC හි කළමනාකාර අධ්‍යක්ෂ දීපාක් දාස් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Similar Posts