ඇෆ්ගනිස්තානය තුළ අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ නීතිය යළි බලාත්මක කිරීමට තලේබාන් සංවිධානය තීරණය කර ඇත.

ඇෆ්ගනිස්තානයේ උත්තරීතර නායකයා වන මුල්ලා හිබතුල්ලා අකුන්සාඩා, එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ඊයේ (30දා) විශේෂ හඬ පනිවිඩයක් මුදා හරිමින් මේ බව දන්වා සිටියි.

එහිදී ඔහු පවසා ඇත්තේ, “අපි ගල් ගහලා මැරුවාම ඒක කාන්තා අයිතිවාසිකම් කඩවීමක් කියලා ඔබ කියනවා. නමුත් අපි ඉක්මනින්ම අනාචාරයට එරෙහිව දඩුවම් දෙනවා” යනුවෙන් ඔහු පවසයි.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට එරෙහිව ගනු ලබන මෙවැනි අමානුශික ක්‍රියා කලාපයට ප්‍රතිචාර දක්වමින් ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය සමගින් ද්විපාර්ශ්වීය ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමද මේ වනවිට අතහැර දමා තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ මෙම දඬුවම්, කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බවයි බටහිර ජාතීන් පෙන්වා දෙන්නේ.

Similar Posts