pohora

2022 – 23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොරත් වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.

ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

පසුගිය කාලයේ මෙන් අපද්‍රව්‍ය කාබනික පොහොර ලෙස ගොවිජනතාවට අලෙවි කිරීමට මෙම මහ කන්නයේ දී කිසිවෙකුටත් ඉඩ නොලැබෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශයෙ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි මහ කන්නයේ දී වී වගාවට කාබනික පොහොර යොදන ගොවීන් සඳහා රජය රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි. එම මුදල වවුචර් ක්‍රමයට ලබා දෙනවා.

Similar Posts