breast milk

කම්කරු නීතියට අනුව පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු මවක් සඳහා දිනකට කොටස් 02ක් වන පරිදි වසරක් යන තෙක් කිරි පැය 02ක් ලබාදිය යුතු අතර, එසේ නොවන රැකියා ස්ථාන සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එම දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් එන්.එම්.වයි. තුෂාරී මහත්මිය පෙන්වා දෙන්නේ, අදාළ අංශයන්හි මවුවරුන් සඳහා කිරි පැය 02ක් අනුමත වන බවට බොහෝ පාර්ශව දැනුම්වත්ව නොමැති බවයි.

ඒ අනුව ඒ පිළිබඳ අදාළ ආයතන සහ මවුවරුන් වැඩිදුරටත් දැනුම්වත් වීම අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දුන්නේ, මේ පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

breast milk

Similar Posts