kruthima-ra

අලුත්ගම වැලිවිටිය සහ කළුවාමෝදර ස්ථාන දෙකක නීති විරෝධීව කලක පටන් පවත්වාගෙන ගොස් තිබෙන කෘතිම රා නිපදවන ස්ථාන දෙකක් වටලා කෘතිම රා ලීටර් 27000 ක් නඩු භාණ්ඩ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

මින් එක්කෘතිම රා පොලක් අලුත්ගම වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කදවුර ආසන්න නිවසක සූක්ෂම ලෙස බ්ලොග් ගල් බදින ලද බිත්තියකින් ආවරණය කර කිසිවකු ක්ෂණිකව නොපෙනෙන ලෙස විශාල ප්‍රමාණයේ බැරල් තබා ඒ තුළ කෘතිම රා නිවස තුළ නිපදවීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත් වැටලීම කළ නිලධාරීන් එම බ්ලොග් ගල් බිත්තිය දැඩි වෙහෙසක් දරා බිඳ සඟවා තිබූ පුරවන ලද විශාල බැරල් තොගය ඒය පවත්වාගෙන ගිය හිමිකරු සමඟ පළමුව අත්අඩංගුවට ගත් බව කිය.

මෙම සැකකරු පිටතින් දකින පුද්ගලයන්ට බ්ලොක් ගල් ව්‍යාපාරයක් පවත්වන බව හැඟෙන ලෙස මෙම ජාවාරම සිදු කර ඇතැයි වැටලීම කළ එම ඒකකයේ උසස් නිළධාරියෙක් පැවසීය.

අනෙක් ස්ථානය කලුවාමෝදර ග්‍රාම නිලධාරි වසම වෙන් වන ඇළ මාර්ගයකට සමීපව තහඩු වලින් වටකර ලද වාඩියක්තුල නීති විරෝධී ලෙස කෘතීම රා මහා පරිමාණයෙන් නිපදවා ඇති ස්ථානය ක් බවත් පොලිසිය කියයි.

Similar Posts