සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් බස් රථ තුන්දහසකුත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හාරදහසකුත් යොදවා තිබෙන බවත් හෙතෙම කීවේය.

තවත් පුද්ගලික බස් රථ තුන්සියක් ද සූදානම් කර ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මීට අමතරව අමතර දුම්රිය ගමන්වාර 30 ක් ද යොදවා තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ඩබ්ලිව්.එස්.පොල්වත්තගේ පැවසීය.

සාමාන්‍ය පරිදි ධාවනය වූ සියලු දුම්රියද ඒ ආකාරයෙන්ම ධාවනය වන බවද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

Similar Posts