නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක් බව ප්‍රොටෙක් සංවිධානයේ සංවිධායකාවක් වන තනුජා දිල්රුක්ෂි මහත්මිය පවසයි.
හැටන් ප්‍රොටෙක් කාර්යාලයේදි 12වන දින සවස මානව හිමිකම් දිනයට සමගාමිව පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වෙත මේ බව පැවසු තනුජා දිල්රුක්ෂි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට සියයට හැටක් පමන පිරිසක් ගෘහස්ථ කම්කරු කේෂ්ත්‍රයේ මෙන්ම අවිධිමත් කම්කරු කේෂ්ත්‍රයේ රැකියාවල යෙදි සිටිනවා මෙම රැකියාවල යෙදි සිටින අපේම සහෝදරියන් මේ වන විට විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ.
නිවාසවල ගෘහ සේවයේ යෙදි සිටින සමහර දෙනා එම නිවෙස් තුලදි විවිධ හිංසනයන්ට ලක් වෙන අවස්ථා පවතිනවා අපේ සහෝදරියන් කිප දෙනකුම ඝාතයනයන්ට පවා ලක් වුනා සමහර අය පිලිස්සි මිය ගියා.
ජනතාව ආරක්ෂා කිරිමට සිටින සමහර පොලිස් නිලධාරින් ජනතාවට ගහලා පන්නන තත්වයක් අද පවතින්නේ එසේ නම් කෝ මේ අයගේ මානව හිමිකම් මේ වන විට අප රටේ දරුවන් විශාල පිරිසක් මන්දපෝෂනයෙන් පෙලෙන තත්වයකට පත් වෙලා තියෙන්යේ මෙම තත්වයන් මත වැඩි හිටියන්ගේ පමනක් නොවෙයි දරුවන්ගේද මාවන හිමිකම් දැඩි ලෙස කඩවෙලා තියෙන්නේ.
එම නිසා අපි මේ රජයට අවදාරනය කර සිටින්නේ මේ රටේ ජනතාවගේ කඩවෙමින් පවතින මානව හිමිකම් ආරක්ෂා කර දිමට පියවර ගන්නා ලෙසයි ජනතාවගේ මනව හිමි කම් කඩවිම වැලැක්විම රජයක වගකිමයි .

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts