නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස 06 හා 07 යන දෙදින තුල වසා දැමිමට පියවර ගෙන ඇත.

මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ අනුමැතිය මත නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාලගුණික තත්වයන් මත මේ මස 06 හා 07 යන දෙදින තුල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබෙන බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි. එම්. පි. එල්. අබේරත්න මහතා විසින් ලිඛිතව දන්වා ඇත.

එසේ නිවාඩු ලබා දෙනු ලබන එම දින දෙක වෙනුවෙන් ඉදිරියේදි හිලව් දින දෙකක් පාසල් පැවැත්විමට පියවර ගත යුතු බවද එම ලිපියේ වැඩි දුරටත් සටහන් කර ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

daily mirror newspaper sri lanka, dailyreporter

Similar Posts