dailyreporter

ප්‍රදේශ කිපයකම බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකටද අලෙවි වන බවත්ය.

මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් රජය මගින් බිත්තර මිල පාලනයකට යටත් කර තිබුනද එම පාලන මිලට මෙම ප්‍රදේශයේ බිත්තර සොයා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන බිත්තර හා කුකුල් මස් වෙළද සැල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ බිත්තර හා කුකුල් මස් තොග මිල ගණන් ඉහළ යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

daily mirror news sri lanka, dailyreporter

Similar Posts