elec set alarm for 11 30

ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මැතිවරණ කල්දැමීම සඳහා කිසිවෙකුට තම පක්ෂයේ සහය ලබානොදෙන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි හැමදාම නිසි කලට කලින් මේ රටේ ජනතාවට ඡන්ද දීලා තියෙනවා. ඒක තමා අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය. අපි කවදාවත් මහජන මතයට බයේ දුවන පක්ෂයක් නෙමෙයි. අපි කිසිදු අවස්ථාවක මැතිවරණයකට බය වෙන්නේවත් එයින් පළා යන්නේවත් නෑ. එය ඉතා පැහැදිලිව කියන්න ඕනේ. අපි පක්ෂයක් විදියට කියනවා ඕනේම මොහොතක පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න පුළුවන් ශක්තිය, සංවිධානය අපි ළඟ තියෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරමින් ඉන්නවා. පක්ෂය ශක්තිමත් කරමින් ඉන්නවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා සමාජ මාධ්‍යවල මොන දේ පළ වුණත් ඉදිරියට පැවැත්වෙන ඡන්දයේ දී ඡන්දය ලබාදෙන්නේ සමාජ මාධ්‍ය නෙමෙයි මේ රටේ ජනතාව. ජනතාව අපිට අවශ්‍ය ඡන්දය ලබාදීලා අපේ පක්ෂය ඉහළින්ම ජයග්‍රහණය කරන බවට දැඩි විශ්වාසයක් තියෙනවා.”

Similar Posts