elawalu-thoga

සිල්ලර වෙළදපලේ එළවළු මිළ සියයට සියයකින් ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයෝ පවසති.

තොග වෙළදපලට එළවළු තොග සැපයුම සියයට 30න් පමණ පහළ යාම සිල්ලර වෙළදපලේ එළවළු මිළ ඉහළ යාමට බලපා තිබෙන බව පවසති.

තොග වෙළදපලේ රුපියල් 200ක් වූ බෝංචි කිලෝවක් සිල්ලර වෙළදපලේ රුපියල් 450ක් දක්වා ඉහළ දමා තිබූ අතර රුපියල් 280ක් වූ මාළු මිරිස් කිලෝවක් රුපියල් 540ක් දක්වා ඉහළ දමා තිබිණි.

තොග වෙළදපලේ අමු මිරිස් කිලෝවක් රුපියල් 120ක් ලීක්ස් කිලෝවක් රුපියල් 170ක් කැරට් කිලෝවක් රුපියල් 120ක තොග මිළකට අලවිවූ අතර සිල්ලර වෙළදපලේ එම එළවළුවල මිළද සියයට සියයකින් ඉහළ මිළකට අලවිවූ බව පාරිභෝගිකයෝ පැවැසුහ.

Similar Posts