weather is today tomorrow weather weather 10 days weather today

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ තැන තැන විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගයේ විවිධ  රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ කැරලයිනා, දියගල, කඩවල, වටවල, යන ප්‍රදේශයන් තුල විටින් විට පවතින වැසි සමග දැඩි මීදුම් තත්වයන් පවතින බවත් මෙම තත්වයන් මත මෙම මාර්ගයේ විවිධ රථ වාවන අනතුරු ඇතිවිමේ අවදානමක් පැවතිය හැකි බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය.

මෙම තත්වයන් හේතුවෙන් මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

weather is today  tomorrow weather weather 10 days weather today

Similar Posts