මෙවර අක්කර 65,871ක වගා හානි නිසා ගොවීහූ අසරණ වෙති

වගා හානි

නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය නිසා මේ වන විට අක්කර 65,871.32ක් වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙම වගා හානි නිසා බලපෑමට ලක් වූ ගොවීන් ගණන 67,122කි.

වී වගාවේ අක්කර 65,411.17ක් හා අනෙකුත් බෝග ආශ්‍රිතව අක්කර 460.15ක් ද හානියට ලක්ව තිබේ. වී වගා කළ ගොවීන් 66,718ක් සහ අනෙකුත් බෝග වගා කළ ගොවීන් 404 දෙනෙක්ද බලපෑමට ලක්ව තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යවරයාට දුන් වාර්තාවේ සඳහන්ය.

වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි අක්කර 26 813.67ක් හානි වී ගොවීහු 32,245ක් පීඩාවට පත්ව සිටිති.

More Stories