unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ වසරකට පෙර මෙරට ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මගින් ජනතාව ඉල්ලා සිටියේ වඩා හොඳ පාලනයක් සහ නව දැක්මක් බවත් ඓතිහාසික දේශපාලනික පරිවර්තනයක් සඳහා එම ජන අරගල ප්‍රමාණවත් නොවූ බව ඔහු පවසයි.

පලෙයි දි නේෂොන් නම් වූ ලෝකයේ විශාලතම රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ වන එය අනිද්දා දක්වා පැවැත්වීමට නියමිතයි. චෙක් ජනරජයේ තානාපති වැක්ලෙව් බැලෙක්, මෙවර සැසිවාරයේ ප්‍රධානත්වය දරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මියයි. මෙවර සැසිවාර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශපාලඥයින් සහභාගී නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Similar Posts