රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු දෙකේ ඉන්න ඕනේ – පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන්

රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු දෙකේ ඉන්න ඕනේ කියන එක තම අදහස බවත් වර්තමාන ජනාධිපති කම වෙනස් කළොත් රටේ ආර්ථික ප්‍රශ්නය තවත් වැඩිවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා මාධ්‍ය හමුවේ පැවසුවා..
මෙම මාධ්‍යමය වැඩි විදුරටත් අදහස් දැක්වූ මාර්ලිමේන්තු මන්ත්‍රී සී.ව් විග්නේෂ්වරන් මහතා….
දකුණේ කෙනෙක් තමයි දිනන්නේ…පොදු අපේක්ෂකයෙක් ගෙනාවට අපිට දිනන්න බෑ…
ජනාධිපතිවරණයට අපි දකුණෙන් එන අපේක්ෂකයන්ට ඡන්දය දෙනවා වගේ නෙමේ පොදු අපේක්ෂක කෙනෙක් අපි තෝරලා එයාටයි ඡන්දෙ දෙන්න ඉන්නේ..
අරක කරනවා මේක කරනවා..මැතිවරණ ඉවර නම් අපිව ගණන් ගන්නේ නෑ..අපේ ප්‍රශ්න එළිදරව් කරන්න ඕනේ..අපි පොදු අපේක්ෂා කෙනෙක් පත් කරන්න යනවා..
අපිට දිනන්න පුළුවන්කමක් නෑ..උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න වලට හෙළිදරව් කරන්න තමයි කරන්නේ..
අපි මෙච්චර කල් කේවල කරා ..අරක දෙනවා මේක දෙනවා..
හිටපු අන්තිම මහ ඇමති මම ,තිබුණ අයිතියත් අපිට දීලා නෑ…
දකුණු කෙනෙක් තමයි දිනන්න යන්නේ..පොදු අපේක්ෂකයා හැටියට අපි ප්‍රශ්න කියන්න කෙනෙක් හම්බවෙයි..
දැනට තියෙන තත්ත්වය හැටියට තවත් අවුරුදු දෙකක් හිටියොත් හොඳයි කියලයි මං හිතන්නේ..
දැනට තියෙන ආර්ථික තත්ත්වය අනුව වෙනසක් වුනොත් දැනට තියෙන තත්ත්වයක් නැති වෙනවා..හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා..
දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නය වලට කිසිම සිංහල ජනාධිපති කෙනෙක් අපි ගැන ප්‍රශ්න ගැන කිසි දෙයක් කරල නෑ..
මේ ජනාධිපති වෙනස් කරොත් අයි.එම්.එෆ් එකක් ලැබෙයිද කියලා දන්නේ නෑ..
කිව්වොත් අපි අත උස්සනවා..
දැනටවත් අපි සහය දෙන්නේ දෙමළ පොදු අපේක්ෂකයකුට..
දකුණේ අපේක්ෂකරගෙන අපිට විශ්වාසයක් නෑ..
දකුණේ ඉන්න අයගෙන් සජිත්ට අනුරට අත්දැකීම් නැහැ..පලපුරුද්දක් නෑ..ගෝඨාභය දුන්න වෙලාවේ ප්‍රශ්න තියෙන වෙලාවෙ ඒගොල්ලෝ ඒක අතට ගත්තේ නෑ…
සැලසුම් වෙනස් කරන්න හදනවා ජනතා විමුක්ති පෙරමුණ .එහෙම වෙනස් කරාම ආර්ථික තත්ත්වය වෙනස් වෙනවා..ණය කොහේ යයිද දන්නේ නෑ..
අපේ පොදු අපේක්ෂකයා අපි දන්නේ නෑ අපි සිවිල් කමිටුවක් තියෙනවා..ඒ කමිටුවෙන් තමයි හොයන්න ඕනේ..
දෙමළ පක්ෂ ඔක්කොම එකතු වෙලා කරන්නේ…

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….