gossip news sri lanka

හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය හේතුවෙන් ඵම ඩිපෝව මගින් ධාවනය කරවන බස් රථ නිසි ලෙස ධාවනය කරවිමට නොහැකිවිමෙන් ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිළධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ඩිපෝව තුල රියදුරන් 25ක හා කෝන්දොස්තරවරුන් 30 දෙනකුගේ හිගයක් පවතින බවත් එම තත්වයන් මත මෙම ඩිපෝව මගින් දෛනිකව ධාවනය කලයුතු බස් රථ ප්‍රමානය වන බස් රථ නිසි ලෙස ධාවනය කරවිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

මෙම ඩිපෝව මගින් දෛනිකව බස් රථ 93ක් ධාවනය කල යුතුවුවද පවතින රියදුරු කොන්දොස්තර හිගය මත දෛනිකව ධාවනය කල හැකිවන්නේ බස් රථ 80ත් 82ත් අතර ප්‍රමාණයක් බවත් මෙම තත්වයන් මත බස් මගින් විවිධ දුෂ්තරතාවයන්ට පත්වන්නාසේම මෙම ඩිපෝවේ දෛනික අදායමටද විශාල වශයෙන් බලපැමක් ඇතිවන බවත්ය.

මෙහි පවතින පුරප්පාඩු පිලිබදව අදාල බලධාරින් දැනුවත් කර සැලකිය යුතු කාලයක් ගතවුවද මේ වන තෙක් එම පුරප්පාඩු සදහා සේවනයන් මෙම ඩිපෝවට අනුයුක්ත කර නොමැති බැවින් මෙම තත්වයන් උදාවා ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

gossip news sri lanka

Similar Posts