කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘතිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඒ, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා, තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිවයි.‍

කෘතිම ලෙස වෙළෙඳපොළ මෙහෙයවීමට කුමන්ත්‍රණය කිරීම සහ ලාෆ් ගෑස් කොටස් මිල සම්බන්ධයෙන් එවැනි වරදකට සහය දැක්වීම ඔවුන්ට එරෙහි චෝදනා බව ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ඔවුන්ට එරෙහි චෝදනාවලට වරදකරුවන් වුවහොත් වසර 5 ක උපරිමයක් දක්වා වූ සිරදඬුවමකට ලක් කිරීමේ හැකියාව පවති. එසේ නොවුනහොත් රුපියල් මිලියන දහයක උපරිමයක් දක්වා වූ දඩයක් හෝ සිරදඬුවම් යන දෙකම නියම කළ හැකියි.

Similar Posts