සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

Railway Tracks

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පල්ලෙවෙල හා ගනේමුල්ල අතර එම සංඥා දෝෂය ඇති වී ඇති බවයි.

ඒ හේතුවෙන් උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රියන්ට බාධා එල්ල විය හැකි බව සඳහන්ය.

සංඥා දෝෂය මේ වනවිට යථා තත්ත්වය පත් කරමින් සිටින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

More Stories