සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය අදුරේ

mihnthalawa

ථෙතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් ස්ථාන රැසක් රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නොමැතිවීමෙන් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් පසුගිය කාලය පුරාවට අපහසුතාවට පත්වූවත් වගකිව යුතු කිසිදු නිලධාරියෙකු ඊට පිළියම් ලබාදිමට කටයුතු කර නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ.

මිහින්තලා රජමහා විහාරයට අයත් ස්ථාන රැසක ඇති රාත්‍රී විදි පහන් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ විනාශයට පත්වි අක්‍රිය තත්වයට පත්වි ඇතත් වග කිවයුතු බලධාරින් ඊට ස්ථිර විසදුම් ලබාදීමට සමත්වි නැති බව එහි ගිය අවස්ථාවේ දැකගත හැකිවිය.

මිහින්තලා පූජා භුමියට අයත් කටුසෑය ඒ-නමය ප්‍රධාන මාර්ගයේ කොටසක් ලයිසන් මාවත පැරණි රෝහල මාවත පුරාවිද්‍යා කොෟතුකාගාරය අසල පාර ඇතුළු ස්ථාන රැසක් රාත්‍රී කාලයේ දැඩි අන්ධකාරයේ පවති.පූජා භුමිය වන ගහන ප්‍රදේශයක් බැවින් රාත්‍රී කාලයේදි ප්‍රදේශයට විදුලි ආලෝකය අත්‍යාවශ්‍ය වූවත් ඊට අවශ්‍ය නිසි පිළියම් ගෙන නැති බව එහි ගිය අවස්ථාවේ දිස්විය.

බොහොමයක් විදුලි පහන් වදුරන් රිළවුන් විසින් කඩා දමා ඇතත් එම ස්ථානයන් නිසි අන්දමින් නඩත්තු වන ආකාරයක් දක්නට නොලැබුණි.මේ සම්බන්ධයෙන් අනුශාෂනාවක් කළ මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන්.

සම්බුද්ධ ශාෂනයේ මූලස්ථානය හැමදාම අදුරේ.හැමදේම කරගන්න මාධ්‍යට කියන්න ඕන.අනිකුත් වෙහෙර විහාරස්ථාන අවට රාත්‍රීයට විදුලි ආලෝකයෙන් නැහැවෙනවා.

මිහින්තලය පූජා භූමියේ ස්ථාන කිහිපයක් ආලෝකමත් වෙන්නේ තාවකාලික හැලජන් විදුලි බුබුළු සවිකරලා ප්‍රදේශය බාරව ඉන්න විදුලි ඉංජිනේරු මහත්තයා නිසා පූජා භූමීය මේ තත්වයෙන් තියනවා.එතුමා පූජා භූමිය ආලෝකමවත් තැබීමට විශාල වෙහෙසක් ගන්නවා.

ඒ නිසාද දන්නේ නෑ මිහින්තලය රජමහා විහාරයේ කටයුතු වලට ගෙනාපු විදුලි උපාංග ප්‍රමාණයක් වැඩි වෙලා කියල පරික්ෂණයක් පැවත්වෙනවා.දැන් වෙනත් ප්‍රදේශයකට මාරු කරන්න හදනවා.විහාරස්ථානයේ හා ප්‍රදේශයේ කටයුතු වලට කැපවෙලා වැඩ කරන නිසා ද දන්නෑ ඒ මහත්තයාව යවන්න හදන්නේ.

බඩු වැඩිවෙලා පරික්ෂණ කරනවා.නමුත් පූජා භූමිය වසර ගාණක් තිස්සේ ඝණ අන්ධකාරයේ තියනවා කියලා ඒවාට කිසිම බලධාරියෙකු පියවර ගන්නේ නෑ.නමුත් වැඩ කරන මිනිහා එළවන්න තමයි හදන්නේ යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….