ස්ට්‍රැප්සි වතුයායේ පෙර පාසලට ගසක් කඩා වැටෙයි

සාමිමලේ ස්ට්‍රැප්සි වතුයායේ මින්නා කොටසේ පෙර පාසලට ගසක් කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහාලේ කොටසකට හානි සිදුව ඇත.

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 22වන දින රාත්‍රියේ මෙම ගස කඩා වැටි ඇති බවත් මෙම ගස කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහලයට හානි සිදුව ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසිය.

රාත්‍රියේ මෙම ගස කඩා වැටිමෙන් කිසිවකුටත් හානි සිදුව නොමැති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories