සාකච්ඡාවෙන් පසු අස්වැසුමට සහාය දෙන්න ප්‍රාදේශීය ලේකම්වරු එකඟ වෙති

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; අද පෙරවරුවේ මෙම විශේෂ සාකච්ඡාව ජනාධිපති කාර්‍යාලයේ දී පවැත්වුණු බවයි.

අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළට සහාය දැක්වීමට ඔවුන් එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසන ලදි.

More Stories