gossip news sri lanka

පසු ගිය සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග හැටන් ලංගම ඩිපෝවේ දින තුනක ආදායම ලක්ෂ එකසිය හය දක්වා (106) ඉහල ගොස් ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ පාසල් නිවාඩුව නිමවිමට පෙර පසු ගිය සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත් එම වන්දනාකරුවන් ඇතුළු අනිකුත් මගි ප්‍රවාහන කටයුතුවලින් මෙම ඩිපෝවට දින තුනක් තුලදි රුපියල් ලක්ෂ 106ක ආදායමක් උපයා ගැනිමට හැකිවු බවත්ය.
ඒ අනුව පසුගිය 02වන සිකුරාදා සිට 04වන ඉරිදා දිනය දක්වා ලක්ෂ 39, 36, 31, වශයෙන් ලක්ෂ 106ක අදායමක් උපයා ගැනිමට හැක්වු බවත් මෙම ඩිපෝවේ සමස්ථ සේවක මඩුල්ලේ දැඩි කැපවිම මත මෙම ආදායම උපයා ගැනිමට හැකිවු බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts