රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දිරිදීම, උපදේශන සේවා සැපයීම සහ සහයෝගය ලබා දීම අරමුණු කර ගත් Trust Sri Lanka සංවිධානයේ තවත් එක් සුවිශේෂී පියවරක් පසුගිය දා දියත් කෙරිණ.

ඒ අනුව, Trust Sri Lanka විසින් සංවිධානය කෙරුණු ‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ ස්වයං රැකියා සහ ව්‍යාපාර පුහුණු දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන 2023 ඔක්තෝබර් 05 වන දින උදේ 9.00 සිට කොළඹ පැරණි නගර ශාලා පරිශ්‍රයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය.

මෙම වැඩමුළුවේ දී පලතුරු ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ආකාරය, ඇසුරුම්කරණය, කල් තබා ගැනීම සහ නිෂ්පාදන සන්නාමකරණය (Product Branding) සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැනුම්වත් කිරීම සඳහා දේශන මාලාවක් පැවැත්වුණු අතර, එහි සම්පත් දායකත්වය ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ ලේකම් හේමන්ත බාලසූරිය සහ කොළඹ විදාතා මධ්‍යස්ථාන නිලධාරිනී සෝබා සමරසිංහ මහත්මිය විසින් දරන ලදී.

මෙම අවස්‍ථාව සඳහා විශේෂ ආරාධිත‍යෙක් ලෙස; ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි හා මධ්‍යකාලීන ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු ජාතික සභා අනු කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභා සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ ආරාධිතයෙක් ලෙස එක් විය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නිෂ්පාදනය, ඇසුරුම්කරණය, කල්තබා ගැනීම සහ සන්නාමකරණය යන ක්‍රියාවලීන් හිදී මුහුණ දෙන ගැටළු මෙන් ම පොදුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු වලට විසඳුම් මෙන් ම, නව ශිල්ප ක්‍රම උපාය මාර්ග සම්බන්ධයෙන් ද, තමන් මෙහිදී දැනුම්වත් වූ බව මේ අවස්ථාවට එක් වූ ව්‍යවසායකයෝ ප්‍රකාශ කළහ.

වැඩමුළුවේ දී දැනුම්වත් වූ ව්‍යවසායකයන් වෙනුවෙන් විශේෂ සහතික පත්‍රයක් පිරිනැමීම ද මෙහි සිදු වූ තවත් සුවිශේෂී කටයුත්තකි. ඉදිරියේ දී මෙම වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දීපව්‍යාප්ත ව දියත් කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත උපදේශනය, සහාය සහ අත්වැලක් වන්නට Trust Sri Lanka සංවිධානය සූදානමින් සිටී.

අප සමඟ සම්බන්ධ වීමට අමතන්න..

0754530766
සුපුන්සරා මල්ලව ආරච්චි

Similar Posts