2021 අයවැයේ පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක් ඉදිරිපත් කරන ලෙස  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

2021  වර්ෂය සදහා වන අයවැය විසර්ජන කෙටුම්පත 2020.11.17 දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය විවාදය දෙසැම්බර් 10 වන දින දක්වා දින 21 ක් පැවැත්වේ.

ලෝකයම කොවිඩ් 19 වෛරසයෙන් පීඩාවිදින මෙම අවස්ථාවේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට 2021 අයවැය ඉතාමත් වැදගත් අයවැයකි.

මෙවර අයවැයෙන් පාරිභෝගිකයින්ට ඇත්තේ බලාපොරොත්තු ගොන්නකි. තම පවුල ජීවත් කරවීමත් ළමයින්ගේ අනාගතය සාර්ථක කරගැනීමත් යන කරුණු මුල් කර ගෙන පාරිභෝගිකයින් බලාපොරොත්තුවන සහන රාශියකිග තම රැකියාව සීමාවී ඇති හෝ රැකියාව අහිමි වී ඇති මෙම අවස්ථාවේ ජීවත්වීම  උභතෝකෝටියක ප්‍රශ්නයක් බවට පත්ව ඇත. රජය පැත්තෙන් ගත්තද ආර්ථිකය බිදවැටී මෙම අවස්ථාවේ ජනතාවට සහන ලබා දීම සිතන තරම් ලෙහෙසි කාර්යයක් නොවන බව කවුරුත් දන්නා කාරණයකි.

කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම කොවිඩ් ආසාදිතයින් සදහා සහන සැලසීම දෛනිකව ජීවිතය සරිකරගන්නා ජනතාවට සහන සැලසීම ආදී වශයෙන් වෙනදාවට වඩා රජයේ වියදම් වැඩිවී ඇතග රජයේ වියදම් වැඩිවී ඇති වකවානුවක රජයේ ආදායම් අහිමිවීම විශේෂයෙන් සෘජු බදු හා වක්‍රබදු ආදායම් අඩුවීම නිසා රජය මුහුණ දෙන්නේද විශාල ගැටලු රාශියකටය.

කෙසේ වෙතත් රජයට ප්‍රාතිහාර්යක් පෑ නොහැකි බව පාරිභෝගිකයින් වන අප පිළිගන්නා  නමුදු පාරිභෝගිකයින් වන අපගේ බලාපොරොත්තු හා ඒවා සාක්ෂාත් කර ගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව කිසියම් ආකාරයකට අප සංවිධානයේ අදහස් ඉදිරිපත් කිරීම පාරිභෝගික සංවිධානයක් ලෙස කළයුතු බව අපගේ අදහස වන බැවින් ඒ සදහා මෙසේ අවස්ථාව උදාකර ගනිමු.

සෑම වසරකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අයවැය යෝජනා අතරින් එම වසර තුළ ක්‍රියාත්මක් වන්නේ අතලොස්සක් වැනි යෝජනා පමණක් බව ඉතිහාසයේ විවිධ රජයන් විසින් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා සාක්ෂි දරයි.

මෙවර අපට අවශ්‍ය වන්නේ එවැනි අයවැය යෝජනා නොව සත්‍ය ලෙසම පාරිභෝගිකයාට සහන ලැබෙන අයවැය යෝජනාය. නැතහොත් අවසානයේ ගරු කතානායකතුමනි යන්න පමණක් පැවසීම පමණක් ඉතිරිවන අයවැය යෝජනා නොවේ.

පාරිභෝගිකයාට එදිනනෙදා අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා සදහා වන මිල අඩු වීම බලාපොරොත්වන අතර යොජනාවට පමණක් සීමා නොවී එම භාණ්ඩ ප්‍රයෝගිකව පාරිභෝගිකයා අතට ලැබෙන වැඩ පිළිවෙලකට යායුතුය.

එම භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා අතට ලැබෙන බවට පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුලු ආයතන සහතික වියයුතුය. කෙටියෙන් කිවහොත් පාරිභෝගිකයා සූරාකන වෙළදුන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කල යුතුය.

රෙදිපිළි ඇතුලු ඇගලුම් ආදිය පාරිභෝගිකයාට සහන මිලකට ලබා දිය යුතු අතර විශේෂයෙන්ම දුරකතන ගාස්තු හා අන්තර්ජාල පහසුකම් සදහා වන ගාස්තු අඩු කල යුතුයග විදුලි උපරණ ආදී පාරිභෝගික භාණ්ඩ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබා ගැනීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසිය යුතුය.

පාරිභෝගිකයින්ගේ මෙවැනි බලාපොරොත්තු සඵල කර ගැනීම සදහා රජය විසින් බදු එකතු කර ගැනීම සම්බන්ධයෙන්ද අපගේ අදහස් එකතු කිරීම  අනිවාර්යයයෙන්ම කල යුතුය.ඉල්ලීම් පමණක් නොව ඒවා ලබා දෙන්නේ කෙසේදරෑ යන්න හා සමාගම් පුද්ගලයින් ආයතන විසින් රජයේ බදු ආදායම් අහිමි කිරීම පිලිබදවද අප දන්නා කරුණු ඉදිරිපත් කිරීම අපගේ යුතුකම සේ අප සළකන නිසා ඒවාද මෙසේ ඉදිරිපත් කරමු.

ඔට්ටු හා සූදු බදු පනත යටතේ ක්‍රියාත්මක වන සමාගම් තමන් විසින් ගෙවිය යුතු බදු ගෙවීම පැහැර හැරීම දිගින් දිගටම සිදු කරමින් පවතින බව අපට අනාවරණය වී ඇත.

ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන සූදු මධ්‍යස්ථාන සදහා වෙන වෙනම බදු ගෙවිය යුතු වුවද ඔවුන් එසේ බදු ගෙවීම සිදු නොකරයි.

විදුලි ඉංජිනේරුවන් විසින් ගෙවිය යුතු ආදායම් බදු ඔවුන් විසින් වසර ගණනාවන නොගෙවන අතර ඒවා ගෙවීමට සිදුව ඇත්තේ මෙරට විදුලි පාරිභෝගිකයින් වන අපටයග එයින් වසරකට රජයට අහිමිවන බදු ආදායම මිලියන 700 ක් පමණ වේ.

විශාල වශයෙන් රජයට බදු ආදායම් හිමිවන මත්පැන් හා දුම්වැටි සම්බන්ධ ක්ෂ්ත්‍ර පිළිබද සොයා බැලිය යුතුයගසෑම වසරකම අයවැයක් ඉදිරිපත් කිරීමට ආසන්න කාල සීමාවේ බටහිරින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන විවිධ ප්‍රකාශයන් සිදු කිරීම අප රටේ සම්ප්‍රදායක් බවට පත්ව ඇත.පහුගිය දිනවල මුද්‍රිත මාධ්‍ය වල දුම්වැටි සහ මත්පැන් වර්ග ගැන එවැනි ප්‍රකාශයන් අපට දැකගත හැකි වියග මෙවරත් ඔවුන් ක්‍රියාත්මක වී ඇත.

ඒ මගින් ඔවුන් පවසන්නේ එවැනි දේ මත පනවන බදු වැඩි කරන ලෙසයිගඉන්පසුව ඔවුන්  අයවැයකින් සාමාන්‍යයෙන් සිදු වෙන බදු සංශෝධන ඔවුන්ගේ බලපෑමෙන් සිදු කල බවට පවසා ජාත්‍යන්තර සංවිධාන වලින් මුදල් ලබාගැනීම සිදුකරනු ලබයි.

මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙවැනි සංවිධාන කිසි විටක හොර මත්පැන් කසිප්පු හොර දුම්වැටි වැනි දේවල් ගැන කතා නොකරන අතර ඔවුන් ලංකාවෙ රජයට බදු ගෙවන නීත්‍යානුකූල නිෂ්පාදන වලට එරෙහිව පමණක් ප්‍රකාශ නිකුත් කරයි.

දුම්වැටි මත්පැන් ශරීරයට අහිතකර දෙයක් හැටියට සෞඛය අංශය පෙන්නවා දෙන නමුත් ඒවා පාරිභෝගිකයින් විසින්  පාරිභෝජනය කරනු ලබන  නිසා අපිට  ඒ පිළිබදව සොයා බැලීමට සිදු වී තිබේග එම නීත්‍යනුකූල නිෂ්පාදන වල මිල වැඩිවීම මත පාරිභෝගිකයින් වෙනත් නීත්‍යාණුකූල නොවන නිෂ්පාදන මත යොමු වීම ආර්ථික ගැටලුව මෙන්ම සෞඛ්‍ය ගැටලුවද දෙවැනි තෙවැනි වීමක් දක්නට ලැබෙයි.

රාජ්‍ය නොවන සංවිධාන සිදුකරන සමහර ප්‍රකාශ පිළිබදව සැළකිල්ලෙන් නීරීක්ෂණය කිරීමෙන් අපට සැකයක් මතුවෙන්නේ  ඔවුන් නීත්‍යානුකූල නිෂ්පාදන මත වැඩි බදු පනවන ලෙස ඉල්ලා කසිප්පු හොර මත්පැන් සහ හොර දුම්වැටි වැනි  ව්‍යාපාරිකයින් නගා සිටුවීම සදහා කටයුතු කරනවාද? යන්න පිළිබදවයි.

මක්නිසාද යත් දුම්වැටි මත්පැන් වල බදු වැඩි කිරීමට සිදුවන්නේ ඒවා මිනිස්සුන්ගෙන් ඈත් කිරීමට වන නමුත්  සිදුවෙමින් පවතින්නේ එවැනි නිෂ්පාදන වල මිළ වැඩි කල පසු පාරිභෝගිකයින්  වෙනත් බාල විකල්ප වලට යොමුවීමයි.

අප රටේ මත්පැන් සහ දුම්වැටි නියාමනය කිරීමට තිබෙන ආයතන වල සේවය කරනු ලබන විවිධ නිළධාරීන්ගේ අක්‍රමිකතා නිසා සහ ප්‍රතිපත්ති සාදන පුද්ගලයින්ගේ අඩුපාඩු නිසා ලංකාවට විශාල ලෙස බදු ආදායම් අඩු වී තිබේ.

හොර දුම්වැටි වලින් සහ නීති විරෝධි මත්පැන් නිසා ආණ්ඩුවට අහිමි වෙන බදු ප්‍රමාණය වසරකට රුපියල් බිලියන 100 ක් පමණ වන බවට ගණන් බලා තිබෙන අතර නීති විරෝධි මත්පැන් නිසා කෘතීම රා ලංකාවේ ආණ්ඩුවට රුපියල් බිලියන 80 ක් විතර අහිමිවිම සෑම වසරකදීම සිදුවන ලබයි.

රජයේ සෘජු බදු ආදායම අහිමිවීම නිසා පාරිභෝගික භාණ්ඩ සදහා වක්‍ර බදු පැනවීමට  සිදුවන අතර එම වක්‍ර බදු ගෙවීමට සිදුව ඇත්තේ පාරිභෝගිකයින් වන අපටමය.

මුදල් අමාත්‍යවරයා සදහන් කරනනේ 2020.11.17 වන දින රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ සදහන් පරිදි නවීන ආර්ථිකයක් සාක්ෂාත් කර ගැනීමට වන අයවැයක් බවය. එම නවීන ආර්ථිකය  තුළ පාරිභෝගිකයාට සහන ලැබේවි යැයි පාරිභෝගිකයින් හැටියට අපි බලාපොරොත්තු දල්වා ගෙන සිටිමු.

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Similar Posts