ලිදුල පොලිස් බල ප්‍රදේශයේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පස් දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන ඇත.

එම වතු කම්කරුවන් 08වන දින සවස සේවය කරමින් සිටියදී බඹර කූඩුවක් ඇවිස්සි එහි සිටි බඹරුන් විසින් සිදු කරන ලද ප්‍රහාර දීමෙන් පිරිමි පුද්ගලයකු හා කාන්තාවන් හතර දෙනකු තුවාල ලබා එම පිරිස මෙසේ රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.

මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසිමකදී අදහස් දැක්වු ලිදුල රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන බවත්ය.

වතුකරය තුළ නිරන්තරයෙන් සිදුවන බඹර ප්‍රහාරයන් හේතුවෙන් මේ වන විට වතු කම්කරුවන් වන තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද වතු කම්කරුවන් පිරිසක් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

gossip hot news

Similar Posts