altttt

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) දින සවස 5.00 ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් වන නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල වත්මන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි කාලයෙහි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතයි.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල නමින් හැඳින්වෙන මෙම නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව දේශීය ආර්ථිකයේ සහ මානව සමාජයේ වර්ධනයක්, නැගිටීමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

Similar Posts